Colombo Today Local News

මීළඟ අගවිනිසුරු ජයන්ත ජයසූරියද? විනිසුරුවරු බුවනෙක අළුවිහාරේද? සිසිර ද ආබෲද?

අගවිනිසුරු සහ විගණකාධිපති නිළ කාලය අප්‍රේල් මාසයෙන් අවසන්.

වත්මන් අගවිනිසුරු නලින් පෙරේරා මහතා එම ධුරයෙන් මෙම මස 28 වනදා විශ්‍රාම ගැනීමට නියමිතව තිබෙනවා.

මෙලෙස විශ්‍රාම යාමට නියමිතව සිටින අගවිනිසුරුවරයා වෙනුවෙන් ඊයේ දිනයේ දී සමුගැනීමේ උත්සවයක්ද සංවිධාන කර තිබූ බවයි වාර්තා වන්නේ.

ඒ අනුව, නලින් පෙරේරා මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව පුරප්පාඩු වන අගවිනිසුරු ධුරයට අදාළ නිර්දේශ නාමයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ව්‍යවස්ථාදායක සභාව වෙත යොමු කිරීමට නියමිත වනවා.

අනතුරුව එම නිර්දේශිත නාමයන් අතුරින් අයකු අගවිනිසුරු ලෙස පත් කිරීම සම්බන්ධයෙන් වන තීරණය ව්‍යවස්ථාදායක සභාව වෙත පැවරෙනු ඇති.

මේ අතර, නලින් පෙරේරා මහතා විශ්‍රාම යාමෙන් අනතුරුව පුරප්පාඩු වන අගවිනිසුරු ධුරය සඳහා අධිකරණ ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨයින් කිහිප දෙනෙකු බලාපොරොත්තු තබාගෙන සිටින බව වාර්තා වනවා.

නීතිපති ජයන්ත ජයසූරිය ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෲ යන මහත්වරුන් ඒ අතර වන බව මාධ්‍ය වාර්තාවල සඳහන්.

මේ අතර විගණකාධිපති ගාමිණි විජේසිංහ මහතා ද නිසි වයස සම්පූර්ණ වීම හේතුවෙන් මෙම මස 23 වනදා රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ගැනීමට නියමිත වනවා.

Related posts

ශ්‍රී ලංකාව ඉස්ලාමීය සංවර්ධන බැංකුවේ සාමාජිකත්වය ගනී.. පළමුව ඩොලර් බිලියනයක ණයක්.. මූල්‍ය ක්ෂේත්‍රය ශරීයාකරණයට

colombotoday

නීතී විරෝධිව ගෙන ආ මිලියන 748ක දුම්වැටි විනාශ කරයි

Admin

“රට යළි ගොඩගැනීමට නොහැකිවන සේ සීඝ්‍රයෙන් විනාශ මුඛය කරා යනවා“ – රතන හිමි

colombotoday

ප්‍රබල අකුණු ගැන අවාවාදාත්මක නිවේදනයක්

Admin

කෝටියක රත්‍රන් පපුවේ අලවගෙන ආ කතක් කටුනායකදී අල්ලයි

colombotoday

හබරාදුව ග්‍රාමසේවකවරයෙක් උපකාරක පන්තියට ආ සිසුවා අපයෝජනය කරලා

colombotoday