Colombo Today Local News

මීළග ජනාධිපති අපේක්ෂකයා මෛත්‍රීයි… පොදුජන පෙරමුණේ ඡන්දත් සමග පහසුවෙන් ජයගත හැකියි – මහින්ද කියයි

මීළඟට පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයා වන්නේ වත්මන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බව එම පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක මහින්ද සමරසිංහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කරයි.

ශ්‍රීලනිප මූලස්ථානයේ දී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු කියා සිටියේ මෛත්‍රීපාල සිරිසේන මහතා මීළඟ ජනාධිපති අපේක්ෂකයා ලෙස ඉදිරිපත් කිරීමට සියලුම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ගේ සහාය ලැබෙන බවයි.

පසුගියදා පැවති පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලැබුණු ඡන්ද වල එකතුව ප්‍රතිශතයක් ලෙස 57% පමණ වන බවත් ඒ ප්‍රතිඵලය අනුව මෛත්‍රීපාල සිරිසේන මහතාට ජනාධිපතිවරණය පහසුවෙන් ජය ගත හැකි බවත් ඔහු සඳහන් කළේය.

මෙම වසරේ නොවැම්බර් මාසය පමණ වන විට නව ජනාධිපතිවරණයක් කැඳවා ඊළඟ වසරේ ජනවාරි 8 වැනිදා වනවිට නව ජනාධිපති ධුර කාලය ආරම්භ වනු ඇතැයිද ඔහු කියා සිටියේය.

Related posts

බටර් පැකට් දෙකක් සොරකම් කළ පොලීසියෙන් වෙඩි කෑ පුද්ගලයෙක් රිමාන්ඩ්

colombotoday

කතානායකට කුණු කූඩෙකින් ගහලා..

colombotoday

තුන් මාසෙන් රට ස්ථාවර කළා

Admin

“පාලකයන් රටට අත්කර දුන් විනාශය ගැන සියලුම දෙනා බදා වැළඳගෙන හැඬිය යුතුයි”

colombotoday

සමර්හිල් වතුයායේ දී මිය ගිය කඳුකර කොටියා ගැන වාර්තාව ඇමැතිට

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ වයස් අවුරුදු 07 දරුවෙක් මිනිස් බෝම්බයක් කරයි (Video)

colombotoday