මීගමුව පොලිස් වසමේ දළුවාකොටුව ප්‍රදේශයේ දී හෙරොයින් ග්‍රෑම් 300ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඊයේ (01)දින මීගමුව කොට්ඨාස විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
එලෙස අත්අඩංගුවට ගත් සැකකරු 43 හැවිරිදි දළුවාකොටුව ප්‍රදේශයේ පදිංදිකරුවෙකි.
එම සැකකරු අද මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධිය සම්බන්ධයෙන් මීගමුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.