Colombo Today Local News

මිළ අධික පිළිකා ඖෂධ 10 හා වෛද්‍ය උපකරණ 2ක මිළ නියාමනය කෙරේ…

මිල අධික පිළිකා ඖෂධ 10 ක් හා තෝරා ගත් ඖෂධ නිෂ්පාදන 13 ක සහ වෛද්‍ය උපකරණ 2 ක මිල නියාමනය පෙරේදා (1) සිට ක්‍රියාත්මක බව සෞඛ්‍ය, ‍පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවැසුවේ පෙරේදා (1) පේරාදෙණිය විශ්වවිද්‍යාල භූමියේ ඉදිකළ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ 39 වන ඔසුසල විවෘත කිරීමේ අවස්ථාවට සහභාගි වෙමිනි.

මේ යටතේ ඉතා මිල අධික පිළිකා ඖෂධ දහයක ටෙන්ඩර් මිල පාලනයට ලක්කර තිබේ. එමෙන්ම තෝරාගත් ඖෂධ වර්ග දහතුනක උපරිම සිල්ලර මිල නියාමනය කර ඇති අතර දියවැඩියා රෝගීන් භාවිත කරන රුධිර ග්ලුකෝස්මාපක සහ රුධිර ග්ලුකෝස් මාපකවල භාවිත කරන පරීක්ෂණ තීරු යන වෛද්‍ය උපකරණවල උපරිම සිල්ලර මිල මෙලෙස නියාමනය කර ඇත. තවද

ජීවිතාරක්ෂක ප්‍රතිජීවක, ස්නායුගත රෝග ප්‍රතිජීවක, ඉන්සියුලින් ඇතුළු දියවැඩියා ඖෂධ, ඇදුම රෝගය, සඳහා භාවිත කරන ඖෂධ, ස්නායු රෝග ඖෂධ, අපස්මාර රෝග ඖෂධ සහ කොලෙස්ටරෝල් පාලනය කිරීමේ ඖෂධ සඳහා මෙම මිල නියාමනය කර ඇත.

මිල නියාමනයට අදාළ ගැසට් පත්‍රය ඉකුත් 31 වැනිදා මධ්‍යම රාත්‍රියේ නිකුත් කර තිබේ. ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම මිල නියාමන ගැසට් පත්‍රය සකස් කර ඇති අතර මිල නියාමන ගැසට් පත්‍රයට සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා 31 වැනිදා පෙරවරුවේ අත්සන් කර තිබේ.

Related posts

දූෂණ මර්දන කොමිෂන් සභා පනත් කෙටුම්පත නීතිපතිට

colombotoday

‘කොටි කපන වෝ’ කියා ගම ගිනි තැබූ හතකට වැඩ වරදී

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

හඩ්සන් සමරසිංහ යලි ගුවන්විදුලි සංස්ථාවේ සභාපතිධූරයට

colombotoday

වෙසක්, පොසන් උත්සව මොකුත් එපා – ඤාණසාර හිමියන් අද කළ අනතුරු ඇගවීම [Video]

colombotoday

නිවසක් මතට පස් කන්දක් කඩා වැටී 04ක් යට වෙයි

colombotoday