Colombo Today Local News

මාළිගාවත්ත මුස්ලිම් පල්ලියේ ළිදෙන් කඩු 46 ක් ඇතුළු ආයුධ තොගයක් ගොඩ ගනී….

මාලිගාවත්ත ඛෙත්තාරාම ක්‍රීඩාංගණය ආසන්නයේ  ඇති මුස්ලිම් පල්ලියක් අසළ ඇති ළිඳකින් කඩු 46 ක්, පතුරොම් පිරවූ  කුඩා ප්‍රමාණයේ තුවක්කුවක්  ඇතුළු උපකරණ රැසක් හමු වී ඇතැයි පොලීසිය කියයි.

මෙම සියල්ල පොහොර උරයක දමා ගැට ගසා ළිඳ තුළට දමා තිබිණි.

කඩු 46 ක්, පතුරොම් පිරවූ තුවක්කුවක්, කිණිසි, පිහි,  උපකරණ මෙහි තිබී සොයාගෙන ඇත. අයිස් නම් මත්ද්‍රව්‍ය පැකැට්ටුවක්ද එහිදී හමු වූ බව පොලීසිය සඳහන් කරයි.

ළිඳ තුළ  තවත් දෑ ඇත්දැයි බැලීම සඳහා කිමිදුම්කරුවන් යොදවා පරීක්ෂණ සිදු කෙරෙමින් පවතී. 

Related posts

ජාතික පාසල් 170ක විදුහල්පති පුරප්පාඩු

colombotoday

අලුත් වනජීවී ඇමති සහ උප ඇමති නිසා වන ජීවීනුත් අවදානමේ !

colombotoday

පාර්ලිමේන්තුව තුල ශක්තිමත් විපක්ෂයක්?

Admin

මාස 10ක් තුළ ලාඳුරු රෝගීන් 1250 ක්..

Admin

සුහදශීලී රාජ්‍ය සේවයක් ලබා දෙන්න මාර්ගෝපදේශ මාලාවක්

Admin

“ෂාෆිගේ සැත්කමෙන් පසු අපට දරුවන් නෑ…” – සිංහල අම්මලා 460කගෙන් පැමිණිළි…

colombotoday