World

මාලි ජනපති හා අගමැති හමුදා රැඳවුම් බාරයට

මාලි රාජ්‍යයේ ජනාධිපති සහ අගමැති එරට හමුදා කඳවුරක රඳවාගෙන ඇති බව වාර්තා වේ.

මාලි රාජ්‍යයේ අගනුවරට ආසන්නයේ පිහිටි හමුදා කඳවුරක, හමුදා සාමාජිකයින් පිරිසක් විසින් ඔවුන් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හමුදා කැරලිකරුවන් විසින් ජනාධිතිවරයා, ඔහුගේ පුත්‍රයා සහ අමාත්‍යවරුන් කිහිපදෙදෙනක් ඇතුළු පිරිසක් ඊයේ (18)දින පස්වරුවේ සිය භාරයට ගෙන තිබුණි.

එම සිදුවීමෙන් පැය කිහිපයකට පසුව තමා ධුරයෙන් ඉල්ලා අස්වන බවට ජනාධිපති ඊබ්‍රාහිම් බුබකාර් කීටා නිවේදනය කළේය.

හමුදාවේ ඇතැම් පාර්ශ්වයන් මෙම මැදිහත්වීම අත්‍යවශ්‍ය බවට තීරණය කර ඇති බැවින් තමාට වෙනත් තෝරාගැනීමක් නොමැති බව ජනාධිපතිවරයා පවසයි.

එමෙන්ම බලයේ රැඳී සිටීම සඳහා අගනුවර ලේ වැගිරීමක් සිදුකිරීමට තමාට අවශ්‍යතාවක් නොමැති බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ අතර පැවති පාර්ලිමේන්තුව ද ඔහු විසින් විසුරුවාහැර ඇතැයි සඳහන් වේ.

ජිහාද් කැරලිකරුවන් සමග පවතින අඛණ්ඩ ගැටුම් හා තමන්ට ලැබෙන වැටුප් සම්බන්ධයෙන් මාලි රාජ්‍යයේ ඇතැම් හමුදා කණ්ඩායම් දැඩි කෝපයකින් පසුවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

කෙසේ වෙතත් මේ වන විට රටේ පාලනය භාරව සිටින්නේ හමුදාව ද යන්න මෙතෙක් තහවුරු වී නොමැත.

Related posts

අමෙරිකාව හරහා හමා යන ‘ලෝරා’ සුළි කුණාටුව 04 වන කාණ්ඩය දක්වා වර්ධනය වෙයි

colombotoday

කොරෝනා වෛරසයෙන් පිලිපීනයේ වෛද්‍යවරු 9ක් මරුට

colombotoday

ආසියාවේ විශාලතම මුඩුක්කු නිවාස සංකීර්ණයෙ කොරෝනා මරණයක්. ඉන්දියාවම තැති ගනී

colombotoday

ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල පහළට

colombotoday

දකුණු කොරියානු ඉතිහාසයේ පළමු වරට යෝධ පැන්ඩෙක් නිවුන් පැටවුන් බිහිකරයි

Admin

ලොව ප්‍රථමවරට කොරෝනා වෛරසයට එරෙහිව DNA එන්නතක්

colombotoday