Colombo Today Local News

මාර්ග නීති කඩකළ රියදුරන්ට දඩ ගෙවීමට සහනදායී පිළිවෙතක්

මාර්ග නීති කඩකළ රියදුරන්ට ඒ සඳහා පොලිස් නිලධාරීන් විසින් නිකුත් කර ඇති දඩ ගෙවීම සඳහා සහනදායි වැඩපිළිවෙලක් තැපැල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දී තිබේ.

ඒ අනුව, කොවිඩ් දෙවන රැල්ල හේතුවෙන් කාර්යාල කටයුතු නතර කිරීමට කටයුතු කළ දින සිට දිවයින පුරා සංචරණ සීමා ඉවත් කරන දින දක්වා වූ දින ගණන අතහැර, වරදක් කළ දින සිට “දින ගණනය කර” දඩපත් ගෙවීමට අතිරේක කාලයක් ලබාදීම සිදුකරන බව තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ වන විට රට තුළ පවතින කොරෝනා වෛරස ව්‍යප්තිය හේතුවෙන් සෞඛ්‍ය නිර්දේශ මත වසාදමා ඇති ප්‍රදේශවල හා නිරෝධායන ඇඳිරිනීතිය බලපැවැත්වෙන ප්‍රදේශවල මෙන්ම විවිධ ප්‍රායෝගික තත්ත්වයන් හමුවේ තැපැල් කාර්යාල විවෘත කිරීමට නොහැකි ප්‍රදේශවල පොලිස් රථ වාහන අංශ විසින් නිකුත්කර ඇති ස්ථානීය දඩපත් සඳහා වු ගෙවීම් කිරීම නොහැකි වී ඇත.

මෙමගින් අපහසුතාවයට පත්වූ මහජනතාවට සහන සැලසීමට පොලිස්පති සහ තැපැල් දෙපාර්තමේන්තුව විසින් සැකසූ නිර්දේශයන් අනුව රථ වාහන ස්ථානීය දඩපත් ගෙවීමට සහන කාලයක් ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශ ලේකම්ගෙන් අනුමැතිය ලැබී ඇති බව තැපැල් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

අපේ කතිර පොජ්ජෙන් සජිත් හුරා මන්දු කරන්නවා – වැද්දෝ 5ක් ගෙන්වා එජාපයෙන් මාධ්‍ය හමුවක්

colombotoday

කොටදෙණියාව සිසුවාගේ පරීක්ෂණ අලුත් අතකට

colombotoday

අපි හැදූ ආර්ථිකය මහින්ද-මෛත්‍රී කුමන්ත්‍රණයෙන් ආපස්සට ගියා…

colombotoday

බෝට්ටුවක් පෙරළී ධීවරයෙකු අතුරුදන්

Admin

සිංහල බෞද්ධ ඉතිහාසය මිනිමරුවන්ගේ ඉතිහාසයක්? වික්‍රමබාහු කරුණාරත්න කියයි

colombotoday

සහල් හොරෙක් හෙරොයිනුත් එක්ක මාට්ටු

colombotoday