Colombo Today Local News

මාධ්‍යවේදියෙකුට බලපෑම් කළ නියෝමාල් රංගජීවට එරෙහිව පොලිස් පරීක්ෂණ

වැලිකඩ සිරකරු ඝාතන නඩුවේ විත්තිකරුවකු වන පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මාධ්‍යවේදියෙකුට තර්ජන කළැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය පරීක්‍ෂණ ආරම්භ කර තිබේ.

ඒ, අදාළ සිද්ධිය පිළිබද මාධ්‍යවේදියා විසින් කොළඹ මහාධිකරණ පොලිස් මුරපොල වෙත කරන ලද පැමිණිල්ලකට අනුවයි.

පැමිණිල්ල ඉදිරිපත් කරමින් මාධ්‍යවේදියා චෝදනා කරන්නේ හිටපු පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව විසින් තමන්ට අමානුෂික ආකාරයෙන් සැළකු බවයි.

ඡායාරූප ගනිමින් සිටි තමන්ව ඔහු විසින් බලහත්කාරයෙන් අධිකරණ පොලිස් මුරපොළ වෙත රැගෙන ගොස් ලබාගත් ඡායාරූප දත්ත බලහත්කාරයෙන් ලබාගත් බවයි මාධ්‍යවේදියා පවසා ඇත්තේ.

ඔහු මෙම සිද්ධියට මුහුණපා ඇත්තේ නඩු විභාගයන් ආවරණය කිරීම සඳහා කොළඹ මහාධිකරණ පරිශ‍්‍රය තුළ රැඳී සිටි අවස්ථාවේදීයි.

Related posts

කොටින්ගේ අපරාධ ගැන කියද්දී කොටි ඩයස්පොරාව මාරාවේෂ වී ජිනීවා සැසියේ යකා නැටූ හැටි..! (Video)

colombotoday

විමල්ගේ සුව දුක් බලන්න ඥාණසාර හිමි බන්ධාගාරයට… විමල් රෝහලට !

colombotoday

හද කම්පා කරවන දෙවනගල මුස්ලිම් ආක්‍රමණය

colombotoday

ලංකාව ඇතුළු රටවල් 14ක් කටාර් රාජ්‍යට ඇතුලු වීම අත්හිටුවයි

colombotoday

රවීගේ ඇමති ආරක්ෂකයෝ පාසල් ආරක්ෂාවට යවනවලු

colombotoday

අගමැති රනිල් ඉල්ලා අස්වෙලා ?

colombotoday