Colombo Today Local News

මම චෛත්‍ය 1125 ක් හදනවා – සජිත් ප්‍රේමදාස කියයි

ඉදිරියට තැබූ අඩිය කිසිසේත්ම පිටුපසට නොගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක, නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය. ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා කවුරුන්ද යන්න තේරීම තමන්ගේ කාර්යයක් නොවන බවත් එය කෘතාධිකාරී මණ්ඩල ඇතුලු පක්ෂය විසින් තීරණය කරනු ඇතැයි මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි මහා නායක හිමිපාණන් වහන්සේ අද (22) බැහැ දැකීමෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව කීවේය.

මල්වතු මහා විහාරයට පැමිණි අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එහිදී මල්වතු පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල හිමියන් බැහැ දැක අනතුරුව අස්ගිරි මහ විහාරයේදී එම පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතන හිමියන් බැහැ දැක සාකච්ඡාවේ නිරත වූහ.

අස්ගිරි මහා විහාරය හා ඊට  සම්බන්ධ විහාරයන් සංවර්ධනය කිරීම සහ මතුවන ගැටලු පිළිබඳව මහා නායක හිමියන් අතුලු කාරක සංඝසභාවේ හිමිවරුන් සමඟ සාකච්ඡා කළ බව කී අමාත්‍යවරයා මෙසේ ද ප්‍රකාශ කළේය.

මගේ ඉදිරි දේශපාලන ගමනට බුදු දහමවත්, සම්බුද්ධ ශාසනයවත් පාලමක් බවට පත් කර ගන්නේ නැහැ. පුරාවිද්‍යාත්මක වටිනාකමක් තිබෙන සිද්ධස්ථාන සියල්ලම සුරක්ෂිත කිරීමට මම කටයුතු කරනවා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තිබෙන බුදු දහම සුරක්ෂිත කිරීම පිළිබද වගන්තිය මම හරියාකාරව ඉටු කරනවා. 

අපි කරන සංවර්ධන කටයුතු මේ රටේ සියලු දෙනා දැන ගත යුතුයි. ඊට මුදල් වෙන් කිරීම මුදල් කාබාසිනියා වීමක් නොවෙයි. ඔබතුමාලා මගෙන් ජනාධිපතිවරණයක් පිළිබඳව විමසනවා, මගේ ඔළුවේ තිබෙන්නේ වරණයක් සම්බන්ධ සිතුවිල්ලක් නොව මට චෛත්‍ය එක්දහස් එකසිය විසිපහක් හදන්න තිබෙනවා. සිසු සෙවණ යටතේ දහම් පාසල් දහසක් ඉදිකරන්න ඉලක්කයක් තිබෙනවා. උදා ගම්මාන දෙදහස් පන්සියයක ඉලක්කය පසු කළ අපි ඉතිරි උදා ගම්මාන දාහත්දහස් පන්සිය හදන්නේ කෙසේ ද යන්න සැලසුම් කරනවා. ඒ පිළිබදව මම සිතන අතර ජනාධිපතරවරණය පිළිබඳව අනෙක් අයගෙන් අසා දැනගන්න.

සෑම විටකම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරීමට කටයුතු කරන බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Related posts

2017 දී ජාතියේ ඉරණම තීන්දුවෙන හැටි ! (Video)

colombotoday

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටියේ සේවය අත්හිටුවයි !

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකු අධිපතිකමට පත්කිරීමේ සම්පූර්ණ වගකීම ජනපතිටයි

colombotoday

චෛත්‍යයක නැග ඡායාරූප ගත් තිහාරියේ මද්‍රසා පාසලේ මුස්ලිම් සිසුන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

අගමැති යාපනයේදී තෛපොංගල් සැමරූ හැටි – Photos

colombotoday

ජාතිවාදය අවුස්සන සියල්ලන්ට එරෙහිව නීතිය සමානව කි‍්‍රයාත්මක විය යුතයි

colombotoday