Colombo Today Local News

මත්පැන් ජාවාරම්කරුවන් දෙදෙනෙකු අල්ලන්න පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාරයක්

අලව්ව හුම්බුළුව ප්‍රදේශයේ ජනතාවට කරදරකාරි ලෙස හැසිරෙමින් නීති විරොධි මත්පැන් ජාවාරමක නිරතවූ බව කියන එකම පවුලේ අයිය මලෝ දෙදෙනෙකු කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර අද අත්අඩංගුවට ගැනීමට සිදුවූ බව අලව්ව පොලීසිය පවසයි.

 එකම පවුලේ වයස අවුරුදු 20 ක් සහ 23 ක්වූ සහෝදරයන් දෙදෙනෙකු මේ ආකාරයට අත්අඩංගුවට ගෙන ඇත.

මෙම සැකකරුවන් දෙදෙනා ⁣හුම්බුළුව පිහිටි තම නිවසේ නීති විරෝධි මත්පැන් ජාවාරමක යෙදෙමින් ඊට විරෝධය පළ කරන ප්‍රදේශවාසීන් සමග නිතරම ආරාවුල් ඇති කරගෙන ඔවුන්ට තර්ජනාත්මක ආකාරයට හැසිරෙන බවට අලව්ව පොලීසියට පැමිණිලි ලැබී තිබිණි. ඊයේ (11) රාත්‍රියේ  මොවුන් දෙදෙනා බීමත්ව පැමිණ හුම්බුළුව ප්‍රදේශයේ නිවාස දෙකක ගේට්ටුවලට කඩු වලින් පහරදී අලාභ හානි සිදු කරන ආකාරය සහිත දර්ශන පහර දීමට ලක්වූ එක් නිවසක සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතියක සටහන්ව තිබී ඇත.

එම පහරදීම සමිබන්ධයෙන් සැකකාර සොයුරන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා අලව්ව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටියුඩර් අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් අද ගිය අවස්ථාවෙිදි තම නිවසේ සැඟවුනු සැකකරුවන් දෙදෙනා පොලිස් නිලධාරීන් වෙතට ගල්මුල් ප්‍රහාරයක් එල්ල කර තිබේ.

මේ හේතුවෙන් ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ට දැඩි වෙහෙසක් දැරීමට සිදුව තිබූ අතර අවසානයේදී එම නිවසේ වහලේ සිවිලිමේ සැඟවී සිටි අයිය මලෝ දෙදෙනා එළියට ගැනීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කිරීමට සිදුවූ බව පොලීසිය සඳහන් කළේය.

කඳුළු ගෑස් ප්‍රහාරයෙන් මෙල්ලවූ සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන එම නිවස සෝදිසි කිරීමේදී නිවසේ ඇතුළු කාමරයක ඔවුන් දෙදෙනා පවත්වාගෙන යමින් තිබූ නීති විරෝධි මත්පැන් ජාවාරමද පොලීසියට හසුවී තිබේ . එම අවස්ථාවේදි ගෝඩා බැරලයක්ද නිවසේ තිබී පොලීසියට හමුවී තිබෙි .

සැකකාර අයිය මලෝ දෙදෙනා මෙම නීති විරෝධි මත්පැන් ජාවාරමට අමතරව හෙරොයින් ජාවාරමට සම්බන්ධදැයි සෙවීම සඳහා පරීක්ෂණ සිදු කරන බවද අලව්ව පොලිසිය කියයි .

කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන සහ කුරුණෑගල කොට්ඨාසය බාර පොලිස් අධිකාරි ක්‍රිශාන්ත මහත්වරුන්ගේ උපදෙස් අනුව අලව්ව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටියුඩර් අබේවික්‍රම මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

Related posts

ප්‍රධාන මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

බාල ඉන්ධන තොගයක් ගෙන්වලා.. ගුවන් යානා අනතුරේ !

colombotoday

අවම බස් ගාස්තුව 32ක් වෙද්දී උපරිමය 4000 පනී

colombotoday

ව්‍යවස්ථාව හදන වැඩේ 90%ක් අවසන්.. ප්‍රශ්න ඇතිවෙන නිසා එහි ඇතුළත් කරුණු දැන්ම කියන්නෑ

colombotoday

ඩ්‍රෝන යොදා කෘමිනාශක ඉසින නුවරඑළියේ ගොවිපොළ. – තාක්ෂණයෙන් වැඩක් ගෙන ලාභ ගන්නේ මෙහෙමයි

colombotoday

ත්‍රස්තවාදය වැළක්වීමේ පනත වහා අහෝසි කරනු – සහරාන් සමග ගනුදෙනු කල බවට චෝදනා එල්ලවූ රවුෆ් හකීම් ඉල්ලයි.

colombotoday