Colombo Today Local News

මංතීරු නීතිය කඩකරන්නන්ට රුපියල් දෙදහසක දඩයක්

මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව රුපියල් 2000 ක දඩ මුදලක් පනවන බව පොලීසිය පවසනවා.

මංතීරු නීතිය කඩකරන පුද්ගලයින්ට එරෙහිව මෝටර් වාහන පනතේ පොදු දණ්ඩණයට අදාළ අවම දඩය රුපියල් 2000 ක් වනවා.

බස්රථ සඳහා වෙන් කර ඇති මංතීරු සඳහා වෙනත් රථවාහන ඇතුළු කිරීම සම්බන්ධයෙන් බස් සංගම් විසින් එල්ල කළ විරෝධයට ද රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉන්දික හපුගොඩ මෙලෙස ප‍්‍රතිචාර දැක්වුවා.

මේ අතර කොළඹ නගරයට ඇතුළු වන යතුරුපැදි හා ත‍්‍රීරෝද රථ, වම්පස මංතීරුවේ පමණක් ධාවනය කිරීමේ පෙරහුරු කටයුතු අද උදෑසන ආරම්භ කෙරුණා.

Related posts

ඥානසාර හිමිට ආරක්ෂාව ලබාදෙන්න ජනාධිපති කොමිසමෙන් නියෝග

colombotoday

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වර්ජනය අත්හරී

colombotoday

බදියුදීන් අවසාන මොහොතේත් දූෂණයක.. ඡන්දය දා පුත්තලමෙන් සෙනග අදින්න රජයේ මුදල් ලක්ෂ 95ක් වියදම් කරලා…

colombotoday

අවුරුදු 18ට වැඩි සියලුදෙනාට හමුදා පුහුණුවක් – ඇමති සරත් වීරසේකරගෙන් යෝජනාවක්.

colombotoday

විජයකලාගේ මැරයෝ නිවැසියන් එළියට ඇද දමා කොල්ලුපිටියේ නිවසක් අල්ලාගෙන

colombotoday

කෝප් කමිටුවේ සභාපතිකම ඇමතිවරුන්ට නෑ. මන්ත්‍රීවරුන්ට පමණයි. – ආණ්ඩුවෙන් දැඩි තීරණයක්

colombotoday