Colombo Today Local News

මංගලගෙන් සජිත් පිලට කුණු බැණුම්, අමු අන්තවාදීන් පිරිසක් යයි කියයි..

සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ වර්තමාන විපක්ෂයේ ලෙස ජනතාව තුළ ජාතිවාදී හා වර්ගවාදී හැඟීම් ඇති කිරීමේ කටයුත්තක නිරත වන බව එම පක්ෂයෙන් මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා දුන් හිටපු ඇමති මංගල සමරවීර පවසයි.

මීට කලින් පාර්ලිමේන්තුවේ විපක්ෂ කටයුතු කළ ආකාරයටම මෙවර විපක්ෂයද ඒ අනුව කටයුතු කරන බව ට්විිටර් පණිවිඩයක් මගින් ඔහු පෙන්වා දී ඇත.

කලින් සිටි විපක්ෂය නියෝජනය කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම වත්මන් විපක්ෂයේද ජාතිවාදී හා වර්ගවාදී හා ආකල්ප ඇති කිරීම නිරතව සිටින බව කනගාටුවට කරුණක් බවත් අද ශ්‍රී ලංකාවට අවශ්‍ය වන්නේ විකල්ප දැක්මක් මිස පාලන ක්‍රමයෙහිවර්තමාන පාලනයේම ජාතිවාදී පිටපතක් නොවේ යැයි ද එම පණිවුඩයේ සඳහන් වෙයි.

සමරවිර මහතා මෙවර මැතිවරණය සඳහා සමගි ජන බලවේගයෙන් නාමයෝජනා බාර දුන්න ද පසුව එය ඉවත් කරගෙන තරග කිරීමෙන් ඉවත් වෙන ලදී.

Related posts

තානාපතිට පහරදීම සම්බන්ධයෙන් රජය මැලේසියාවෙන් කරුණු විමසයි !

colombotoday

අධිවේගියේදී කොළඹ-බදුල්ල සැප බසයක් ගිනිගනී

Admin

සජබට එරෙහිව කඩුවෙළ අධිකරණයෙන් ආඥාවක්

colombotoday

නිසි සෞඛ්‍ය උපදෙස් පිළි නොපදින්නේ නම් යළිත් සීමා – සෞඛ්‍ය අංශ අනතුරු අඟවයි

colombotoday

පාසල් ගිය බාලිකා ළමා නිවාසයක දැරියන් දෙදෙනකු අතුරුදන්

Admin

ඩීසල් රැගත් නෞකාවක් හෙට දිවයිනට!

colombotoday