Colombo Today Local News

මංගල ලැයිස්තුවෙන් ඉවත් වීම රනිල්ගේ උපායක් ඉදිරියේ දී තවත් මෙහෙයුම්

හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුවෙන් ඉවත් කරවා ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දේශපාලන ක්‍රියාදාමයක් දියත් කළ බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියාත්මක කළ ක්‍රියාදාමය අවසන් මොහොත දක්වාම සමගි ජන ජන බලවේගයේ නායකයන් දැන නොසිටි බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

මෙම දේශපාලන ක්‍රියාදාමය හේතුවෙන් සමගි ජන බලවේගයේ මාතර දිස්ත්‍රික් අපේක්ෂක ලැයිස්තුව කඩාකප්පල් වූ බවත්, දකුණු පළාතේම ඔවුන්ගේ ඡන්ද පදනමට එයින් බලපෑමක් ඇති වන බවත් වජිර අබේවර්ධන මහතා ප්‍රකාශ කර සිටියි.

ඉදිරියේ දී තවත් මෙවැනිම වූ දේශපාලන ක්‍රියාන්විත මෙරට ජනතාවට දැක ගැනීමට හැකි වනු ඇති බවද වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

හිටපු මුදල් සහ ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් නොවීමට ගත් තීරණයත් සමග සමගි ජන බලවේගයෙන් මැතිවරණයට ඉදිරිපත් වන හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් යළිත් සම්බන්ධ කර ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂයේ සාකච්ඡා ආරම්භ කර තිබේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත පක්ෂ උපනායක රවී කරුණානායක, ජාතික සංවිධායක නවීන් දිසානායක, වජිර අබේවර්ධන, පාලිත රංගේ බණ්ඩාර සහ රුවන් විජයවර්ධන යන හිටපු අමාත්‍යවරුන් විසින් මින් පෙර සාකච්ඡාවලට එක් වූ සමගි ජන බලවේගයේ හිටපු අමාත්‍යවරුන් සහ මන්ත්‍රීවරුන් සමග ඊයේ (10) දිනයේදීද සාකච්ඡා කර තිබේ.

මහමැතිවරණය පැවැත්වීමෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂය සමග කටයුතු කරන ආකාරය පිළිබඳව එම මන්ත්‍රීවරුන් සමග සාකච්ඡා කළ බව වජිර අබේවර්ධන මහතා සඳහන් කරයි.

මහ මැතිවරණයෙන් අනතුරුව එක්සත් ජාතික පක්ෂයට එක්වීමට නියමිත සමගි ජන බලවේගයෙන් මැතිවරණය සඳහා ඉදිරිපත් වන හිටපු මන්ත්‍රීවරුන් මැතිවරණ ව්‍යාපාරයේදී එක්සත් ජාතික පක්ෂය වෙනුවෙන් ඒ ඒ දිස්ත්‍රික්කවලදී ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳවද ඉදිරියේදී පොදු එකඟතාවකට පැමිණීමට නියමිත බව අබේවර්ධන මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටි.

Related posts

බ්‍රිතාන්‍යය තුළ එල්.ටී.ටී.ඊ. සංවිධානය තවදුරටත් ත්‍රස්ත සංවිධානයක් නොවයි. එරට අධිකරණයකින් නියෝගයක්

colombotoday

පොහොර මිටිය 350ට දියව් ! ගොවීන් ඇමති දුමින්දගේ නිවස වටලා උද්ඝෝෂණයේ

colombotoday

ඇවිද ගිය සබීතාගේ කෝටිපති සැමියා මහපාරේ සිහිසුන්ව ඇද වැටෙයි

colombotoday

පුත්තලමේ ගුරුවරයාට පහර දුන් මෙවර සා.පෙළ ලියන තවත් සිසුන් 17ක් අත්අඩංගුවට

Admin

සේවා සගයින්ගේ නිරුවත් දසුන් පටිගත කළ වයඹ සරසවි ඇදුරා දැලේ!

Admin

එතනෝල් ආනයනය තහනම් කිරීම කිසිදු වෙනසක් නෑ-රමේෂ් පතිරණ

colombotoday