Colombo Today Local News

බුද්ධි වාර්තාවලින් ගෝඨාභයගේ ජය තහවුරුයි… තවත් මඩ කප්පරක් ලෑස්තියි !

ගෝඨාභය රාජපක්ෂ මැතිවරණ දිස්ති‍්‍රක 22 න් 16ක් නියත වශයෙන්ම ජයග‍්‍රහණය  කරන බව මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු  මන්ති‍්‍ර ඩලස් අලහප්පෙරුම මහතා පවසයි .

අද  (12)  මාතරදි පැවති ජන හමුවකදි ඔහු  මේ  බව පැවසිය .

එහිදි වැඩිදුරටත්  අදහස් පළකල ඒ මහතා ,

‘‘ මෙරට බුද්ධි සේවාවන් දින 6කට පමණ පෙර රාජ්‍ය නායකයන්ට දුන්නා 17 වෙනිදා මොකද වෙන්නෙ කියලා . ඒ බුද්ධි වාර්තාවේ  මම පරිච්ජේද 3ක් විතරක් කියන්නම්  වගකිමෙන් යුතුව.  ලංකාවේ  මැතිවරණ දිස්ති‍්‍රක්ක  22 යි තියෙන්නෙ.  ඒ 22 න් ඒකාන්ත වශයෙන්ම 16 ක් ජයග‍්‍රහණය කරන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව සඳහන් වෙනවා . මාධ්‍යම පළාතේ එක් දිස්ති‍්‍රක්කයක් තියෙනවා කරට කර තියෙන.  නමුත් දිස්ති‍්‍රක්ක  16 ක් ජයග‍්‍රහණය ස්ථිරයි . මෛති‍්‍රපාල සිරිසේන මහතා  ජනවාරි 8 වෙනිදා ජනපති වෙන්න දිනුවේ  දිස්ති‍්‍රක්ක  22 න් 11 ක් විතරයි. ඒක අමතක කරන්න එපා .

දැන් දෙවැනි පරිච්ජේදයේ මොකක්ද තියෙන්නේ . ගෝඨාභය රාජපක්ෂ මහතා  ජයග‍්‍රහණය කරන දිස්ති‍්‍රක්ක  16 න් 13ක් එකම මැතිවරණ කොට්ඨාසයක්වත් සජිත් පේ‍්‍රමදාස මහතාට  ජයග‍්‍රහණය කළ නොහැක .  මාතර , ගාල්ල , හම්බන්තොට , අනුරාධපුර , රත්නපුර , කැගල්ල , ගම්පහ ඇතුළු දිස්ති‍්‍රක්ක  13 ක් ජයග‍්‍රහණය කරනවා . ඒ වාර්තාවේ  3 වැනි පරිච්ජේදයේ තියෙන්නේ ලංකාවේ  මැතිවරණ කොට්ඨාස  160 යි තියෙන්නේ.  ඒ 160 න් 119ක් ගෝඨාභය රාජපක්ෂ  මහතා  ජයග‍්‍රහණය  කරන බව සහ තවත් 9 ක් කරට කර සටනක් තියෙනවා.

එදා මෛති‍්‍රපාල සිරිසේන මහත්තයා ජයග‍්‍රහණය කළේ මැතිවරණ කොට්ඨාස  160 න් 71 විතරයි . එහෙනම්  17 වෙනිදට ඉර පායන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ  රජයක් යටතේ කියලා වගකිමෙන් ප‍්‍රකාශ කරනවා .

ඊඟාවට කියන්න ඕන  අන්තිම පැය 72 සජිත් පේ‍්‍රමදාස මහත්තයා අලූත්  අ ලූත් දේවල් ටිකක් එළියට දාවි . හරීන් ප‍්‍රනාන්දු මහත්තයා ප‍්‍රකාශ කරනවා ගෝඨාභය රාජපක්ෂ පුරවැසිභාවය අහෝසි කරගෙන නැලූ දිනුවත් පරාදයි ලූ දිවුරුම්  දෙන්න බැලූ .  ඒක විශ්වාස  කරගෙනද දන්නේ  නැහැ ස්වාමින් වහන්සේ නමක් උපවාසයක් ආරම්භ කරලා තියෙන්නේ . මේ  වෙන මොකක්වත් නෙමෙයි මෙච්චර  මඩ ප‍්‍රචාර යවන්නේ බුද්ධි තොරතුරු එළියට ආපු නිසයි . නමුත්  අපි කියනවා  සජිත් පේ‍්‍රමදාසට , දිනන්න පුළුවන් පරදින්න පුළුවන් එත් මෙච්චර පහතට වැටෙන්න  එපා කියලා  කියන්න ඕනි ලැජ්ජයි ’’ යැයි අලහප්පෙරුම මහතා වැඩිදුරටත් පැවසිය.

Related posts

සෞඛ්‍ය ඇමතිවරයෙක් ඉන්න ඕනේ තමන්ගේ දුක කියන්න නෙමේ – GMOA සෞඛ්‍ය ඇමතිට දෙහි කපයි

Admin

සුප්‍රසිද්ධ හිමිවරුන්ගේ නම් විකුණා අසේල සම්පත් PICK Me ආයතනයෙන් ලක්ෂ දහයක කප්පමක් ඉල්ලයි.

colombotoday

අගමැති ඉන්දියාවේ සිට ආ සැනින් ගෝඨාභය අත්අඩංගුවට !

colombotoday

ප්‍රමිතියෙන් බාලයි: වෘත්තීය සමිති කීවත් ඉන්දියාවෙන් දුම්රිය මිලට ගැනීමට කැබිනට් අනුමැතිය

colombotoday

ජෝෂෆ් පරරාජසිංහම් ඝාතනයට සැක පිල්ලෙයාන්ට ඇප

colombotoday

ඩයනා අධිකරණයට අපහාස කරලා? – නඩුවක් ගොනු කරන්නැයි අභියාචනාධිකරණයෙන් ඉල්ලිමක්

Admin