Colombo Today Local News

බුද්ධි අංශ දුර්වල කර, හමුදා නිලධාරීන් හිරේ දැමූ මේ ආණ්ඩුවේ බාප්පලා ප්‍රහාරයේ වගකීම බාරගත යුතුයි – ජනපති

පාස්කු ඉරිදා ප්‍රහාරයට හේතුව බුද්ධි අංශ නිලධාරීන් හා හමුදා නිලධාරීන් අඩපණ කිරිම බව ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. අද (26දා) මාධ්‍ය ආයතන ප්‍රධානීන් හා පැවැති හමුවකදී ඔහු මේ බව සඳහන් කළේය.

“ලංකාවේ මානව හිමිකම් ගැන කථා කරලා අපේ පසුගිය අවුරුදු යුද හමුදාව අඩපණ කරපු, බුද්ධි අංශ දුර්වල කරපු ආණ්ඩුවේ බාප්පලා අද මේ ප්‍රහාරයත් එක්ක හිටගන්නවත් වෙලාවක් නෑ. රහසක් නෙමෙයි ඔබට ආණ්ඩුවත් මගෙත් අතර ප්‍රශ්ණය දැන් අවුරුදු දෙකක විතර ඉදන් උග්‍ර වුණා.

ඒ ප්‍රශ්ණවලට ප්‍රධාන කාරණයක් තමයි බුද්ධි අංශ දුර්වල කිරිම හා අපේ හමුදා නිලධාරීන් අනවශ්‍ය ලෙස සිරභාරයට ගැනීම ගැන මම විරෝධය පළ කිරීම හා තදින් කථා කිරීම.

මානව හිමිකම් සංවිධානවල ලොකු මහත්වරු කිව්වේ හැම කෙනාටම නීතිය එකයි කියලා. මම කිව්වේ නීතිය එකයි නමුත් ආරක්ෂක හමුදා යුද නාවික ගුවන් දුර්වල කරන්න බෑ කියලයි. බුද්ධි අංශ දුර්වල කරන්න බෑ කිව්වා.

අපේ සමහර බුද්ධි  අංශ නිලධාරීන් රට හැරදාලා ගියා. සමහර අය ලංකාවේ ඉන්න බෑ කියලා පිටරටවල් වල වෙන රස්සාවලට ගියා. මම සමහර රටවල්වල තානාපති කාර්යාලය වලට ඒ අය යැව්වා.”

Related posts

සමන් රත්නායක අද අධිකරණයට

Admin

ETCA එන්නත් කලින්.. විදේශිකයන් තුන් ලක්ෂයක්, අඩු කුලියට මෙරට කම්කරු වැඩවල

colombotoday

ඇස් ඇර, මොළය පාවිච්චි කර සහය දෙන්න – 22 ගැන අධිකරණ ඇමතිගෙන් ප්‍රකාශයක්

colombotoday

මාස දෙකකදී තෙල් සංස්ථාවට කෝටි 2000ක ඉතිහාසගත පාඩුවක්

colombotoday

ශ්‍රී ලංකාවේ තෙල් හා ගෑස් කැනීමට අලුත් සමාගමක්

colombotoday

වැලිකඩ සිට කුරුණෑගලට ජොනී ලියයි

Admin