Colombo Today Local NewsExclusive :

බිස්නස් බිංදුවටම වැටිලා… මෙහෙම ගියොත් අපට අල්ලා දෙවියන්ගේම පිහිටයි – අම්බලන්ගොඩ මුස්ලිම් ව්‍යාපාරිකයෝ සුසුම් හෙළති…

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසු සිය ව්‍යාපාරික කටයුතු මුළුමනින්ම ඇණිට ඇතිබව අම්බලන්ගොඩ හා ඒ අවට නගරවල මුස්ලිම් ව්‍යාපාරිකයෝ පවසති.

ප්‍රහාරයෙන් පසුව සිය වෙළද ස්ථානවලට පාරිභෝගිකයන්ගේ පැමිණීම සියයට අනූ පහ දක්වා පහත බැස ඇති බවත්, මේ නිසා පසුගිය මාසය තුලදී ව්‍යාපාර පාඩු පිට පාඩු ලබමින් පවත්වාගෙන ගිය බවත් ඔවුහූ සදහන් කරති.

මේ විදිහට තව දුරටත් පැවතියහොත් තම ව්‍යාපාරවලට අල්ලා දෙවියන්ගේම පිහිට බවද ඔවුන් කියා සිටිිති.

දිවයිනේ සෙසු ප්‍රදේශවලද මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර, සිංහල හා දෙමළ ව්‍යාපාරිකයන් කොලඹ මුස්ලිම් තොග කඩද ප්‍රතික්ෂේප කිරීමට පෙළඹී තිබේ.

මෙම තත්ත්වය පිළිබදව අදහස් දක්වමින් ජාතික සංවිධාන ප්‍රබල ක්‍රියාකාරිකයෙකු පැවසුවේ සිංහල ජනතාව ‘සිංහල ව්‍යාපාර සමග පමණක් ගනුදෙණු කිරීමට තීරණය කිරීම‘ කිසිසේත්ම ජාතිවාදයක් නොවන බවයි. පාස්කු ප්‍රහාරයට එරෙහිව මුස්ලිම් සමාජයෙන් ප්‍රබල හඩක් ඉස්මතු නොවීම හා මුස්ලිම් දේශපාලකයන් දිගින් දිගටම අන්තවාදය ආරක්ෂා කිරීම වෙනුවෙන් පෙනී සිටීම සිංහල සහ දෙමළ සමාජය මුස්ලිම් ව්‍යාපාරවලින් තවදුරටත් ඈත් වීමට ප්‍රබල හේතුවක් වී තිබෙන බවද හෙතෙම කියා සිටියේ ය.

මේ අවස්ථාවේ මුස්ලිම් සමාජය කළ යුතුව තිබෙන්නේ, වෙනම හලාල් ආහාර, වෙනම ශරියා නීති, වෙනම ඇදුම්, වෙනම පාසල්, වෙනම බැංකු ප්‍රතික්ෂේප කර එක නීතියක් යටතේ පොදු සමාජය සමග අත්වැල් බැදගැනීම බවත්, එසේ නොවුණහොත් ඔවුන් වෙනම පාරිභෝගිකයන් පිරිසක් ද හොයාගත යුතු යැයි සිංහල හා දෙමළ සමාජයේ මතය වනු ඇති බවද හෙතෙම අවධාරණය කර සිටියේ ය.

Related posts

සාමනේර හිමිනමක් ළිඳකට වැටී අපවත් වෙයි

Admin

ඇලෝසියස්ට, පලිසේනට ඇප දෙනවාද නැද්ද තීරණය ඡන්දෙන් පසු

colombotoday

MCC ගිවිසුම අත්සන් කරන ආණ්ඩුවක මම මොහොතක් ඉන්නෑ- විමල්

colombotoday

මනමාලිගේ සැමියා මංගල දා රැ 51කේ මනමාලයාගේ ගෙල කපා මරාදමලා

colombotoday

අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න යෝජනා කිහිපයක්

Admin

බම්බලපිටියේ ඩ්‍රෝන යානාවක් යැවූ සරසවි සිසුවෙක් අත්අඩංගුවට

Admin