Colombo Today Local News

බඩු මිල අඩු කරන්න බොරු ප්‍රාතිහාර විසඳුම් නෑ

බඩු මිල අඩු කිරීමට බොරු ප්‍රාතිහාර විසඳුම් නොමැති බව වෙළෙඳ ඇමති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

රට තුළ නිෂ්පාදනය කර ගත හැකි සියලු දේ වැඩි වැඩියෙන් නිෂ්පාදනය කළහොත්, භාණ්ඩ මිලෙහි ගැටලුවට විසඳුමක් ලැබෙන බව ඔහු පැවසීය.

අද (17)දින හෝමාගම ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

“අපේ රටේ නිෂ්පාදනය කරගත හැකි දේ වැඩි වැඩියෙන් අපි නිෂ්පාදනය කරගත හැකි නම් බඩු මිල අඩුවෙනවා. ඒ නිසා තමයි විදේශයන්ගෙන් ගෙන්වන භාණ්ඩ, ජනාධිපතිවරයා කිසිම හේතුවකටවත් ගෙන්වන්නට දෙන්නේ නැත්තේ, මේ රටේ ගොවියා ආරක්ෂා කරලා නිෂ්පාදනය වැඩි කිරීමට. එය කෙටිකාලින වශයෙන් අර්බුදයක් තිබුණත්, දිගුකාලින වශයෙන් වඩා වාසිදායක ස්ථාවර වෙළෙඳපොළ තත්ත්වයකට ගමන් කරන්නට පුළුවන්,” බව අමාත්‍යවරයා පැවසීය.

ප්‍රශ්නය – වෙළෙඳ අමාත්‍යවරයා විදිහයට බඩු මිල සම්බන්ධයෙන් කෙටිකාලින සහනයක් දෙන්න බැරිද ජනතාවට ?

අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා – “එහෙම කරන්න බැහැ, බොරු ප්‍රාතිහාර විසඳුම් නැහැනේ, ලෝකයේ ඉන්න එක සත්ත්වයෙක් විදිහට තමයි වෙළෙඳ අමාත්‍යවරයාත් ඉන්නේ, මුළු ලෝකෙම වරායවල්, ගුවන්තොටුපොළවල් වහනකොට ලංකාවේ වෙළෙඳ ඇමතිට බැහැ වෙන රටවල ගුවන්තොටුපොළ අරින්න කියලා නියම කරන්න.”

Related posts

වරාය නගර කෙටුම්පත වැඩි චන්දයෙන් සම්මතයි.

colombotoday

බදුර්දීන්ගේ කුළීකරුවෝ සගවන විල්පත්තු සංහාරයේ ඇත්ත මෙන්න !!

colombotoday

විදේශ අයෝජන ආකර්ෂණයට පැකේජයක්

Admin

කඩුවෙල හිටපු නගරාධිපති බුද්ධදාස විමල්ගේ බිරිද ශෂී ඉල්ලයි (Video)

colombotoday

ශ්‍රීලනිපයට සහාය නොදෙන ඒකාබද්ධයේ මන්ත්‍රීවරු ආසන සංවිධායකකමින් ඉවතට !!

colombotoday

ජනපති ගත් හොඳම තින්දුව යාපනේ නාග විහාරාධිපති හිමි කියයි..

colombotoday