World

බටහිර කුරුස සන්ධානයට පහර දෙනු ! අල් කයිදාව මුස්ලිම් ලෝකයෙන් ඉල්ලයි

article-2004202-02FA85610000044D-0_634x472තමන් ජීවත්වන රාජ්‍යයන් තුළ ප‍්‍රහාර දියත් කරන ලෙසට අල් කයිඩා නායක අයිමාන් අල් සවාහිරි විසින් ඇමරිකානු හා වෙනත් බටහිර රටවල මුස්ලිම් තරුණයන්ගෙන් ඉල්ලීමක් හඬ පටය අන්තර්ජාලය වෙත මුදාහැර තිබේ.

සවාහිරි පවසා ඇත්තේ කුරුස යුද්ධ සන්ධානයට හානි කළ හැකි මුස්ලිම්වරුන් වහා පියවර ගත යුතු බවයි.

බොස්ටන් මැරතන් බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ ට්සාර්නායෙව් හා චාර්ලී හෙබ්ඩෝ ප‍්‍රහාරය දියත් කළ කුවාචි සොයුරන් මේ සඳහා ආදර්ශයට ගත යුතු බව අල් කයිඩා නායකත්වයේ අදහසයි.

මෙම හඬ පටය කවදා පටිගත කර ඇතිදැයි පැහැදිලි නොමැති නමුත් අල් කයිඩාවේ හිටපු නායක මුල්ලා මොහොමඞ් ඕමාර්ගේ නම සඳහන් කරන ආකාරයට මෙය යටත් පිරිසෙයින් දෙමසක් වත් පැරණි විය යුතු බව විශ්වාස කෙරේ.

මුල්ලා මොහොමඞ් ඕමාර් ජීවත්වන්නකු සේ සලකා සාකච්ඡව සිදුකරන අතර ඔහු මියගිය බව ජුලි මසදී ඇෆ්ගනිස්ථාන හමුදාවන් විසින් තහවුරු කරන ලදී.

මේ අතර තමන් ඉස්ලාමික කාලිෆ් රාජ්‍යයක් ප‍්‍රකාශයට පත්කිරීමට විරුද්ධ වුවත් ඉරාකයේ හා සිරියාවේ බටහිර හා අනාගමික හමුදාවන්ට එරෙහිව සටන් වැදීම සඳහා ISIS සංවිධානය සමග සහයෝගයෙන් කටයුතු කරන බව අයිමාන් අල් සවාහිරි පවසා ඇතැයි වාර්තා වේ.

 

Related posts

මොඩර්නා එන්නතට WHO අනුමැතිය

colombotoday

“No Pants Subway Ride” දිනය වෙනුවෙන් අඩ නිරුවතින් දුම්රියෙන් ගමන් කරයි

colombotoday

බ්‍රිතාන්‍යයේ එල්ටීටීඊ තහනම ඉවත් කරන්නැයි සුවදේශ කටයුතු අමාත්‍යංශයට දැනුම් දෙයි.

colombotoday

රුසියාවේ විද්‍යාඥයින් තිදෙනෙක්ට එරෙහිව රාජද්‍රෝහී චෝදනා

Admin

කොරියාවේ අගනුවර ගංවතුරෙන් 9ක් මරුට

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34 ඉක්මවයි

colombotoday