Colombo Today Local News

පොලිසියට පාට් දැමූ වෙන්නප්පුව එජාප ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිනිය රිමාන්ඞ්

පොලිස් රාජකාරියට බාධා කරමින් පරුෂ වචනයෙන් බැන පොලිස් නිලධාරීන්ට තර්ජනය කිරීමේ සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප‍්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික පක්ෂයේ මන්ත‍්‍රීවරියක වන දුලක්ෂි චමෝදරි ප‍්‍රනාන්දු සහ සුපුණි දුලාංජලී යන අය ලබන 30 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මාරවිල දිසා මහේස්ත‍්‍රාත් මහේන්ද්‍ර රාජා මහතා ඊයේ (21දා* නියෝග කළේය.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මන්ත‍්‍රීවරියගේ පියා සහ නැගණිය මාරවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් රුපියල් ලක්ෂ 3 බැගින් වූ ශරීර ඇපයක් මත මුදාහැරීමටද මහේස්ත‍්‍රාත්වරයා නියම කළේය.

පසුගිය 19 දා ලූණුවිල සිරිගම්පොල තුම්මෝදර මාර්ගයේ යතුරුපැදියකින් යමින් සිටියදී පොලිස් නිලධාරීන් කණ්ඩායමක් ප‍්‍රාදේශීය සභා මන්ත‍්‍රිවරිය නතර කර පරීක්ෂා කිරීමේදී රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරියකුට පරුෂ වචනයෙන් බැන රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට චෝදනා එල්ලවී තිබිණි.

Related posts

ඥාණසාර හිමිගේ චීවරය ගලවා සසුනට නිගා කරාට එරෙහිව රට පුරා විරෝධතා…

colombotoday

සංශෝධිත මිලට වැඩිපුර මගීන්ගෙන් මුදල් අයකරන බස් සොයා මෙහෙයුම්..

colombotoday

බෝට්ටුවෙන් ආ තවත් අනවසර සංක්‍රමණිකයන් පිරිසක් මෙරටට ඇතුල් වෙයි

colombotoday

අධ්‍යාපනයේ අසමානතා ඉවත් කරනවා

Admin

අය වැයට පෙර මහ පෙරළියක් !! ශ්‍රීලනිපය – ඒකාබද්ධය රහස් සාකච්ඡාවක..

colombotoday

මහින්දගේ වාර්තාව ජනපතිට

colombotoday