Colombo Today Local News

පොලිස් පුතෙක් කෝටියක කුඩු සමග මාට්ටු. යහපාලන කාලයේ කොටුවුණාම සී.අයි.ඞී. හිටපු ලොක්කෙක් ෂේප් කරලා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායමේ සිටි පොලිස් පරීක්ෂකවරයකුගේ පුත‍්‍රයකු රුපියල් කෝටියක් වටිනා මත්කුඩු කිලෝ ග‍්‍රෑම් එකක් සමග පෙරේදා (03) සවස පිටකොටුව පොලිස් මුරපළේ විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

23 හැවිරිදි තරුණයකු වන මේ පොලිස් පුත‍්‍රයා අදාළ මත්කුඩු තොගය ජාවාරම්කරුවකුට ලබාදීම සඳහා පිටකොටුව ප‍්‍රදේශයට රැගෙන එමින් සිටියදී පොලිසියට කොටු වී ඇත.

ඔහු සමග තිස්තුන් හැවිරිදි තවත් සැකකරුවකු ද පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී සිටියදී පසුගිය රජය සමයේ අවස්ථා කිහිපයකදීම තමන් පොලිසිවලට හසුවුවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි පොලිස් ප‍්‍රධානියකු පොලිසිවලට බලපෑම් කර තමන් මුදාගත් බව වැඩිදුර ප‍්‍රශ්න කිරීම්වලදී සැකකරු පාපොච්චාරණය කළ බව පොලිසිය පවසයි.

සැකකරු මෙසේ ජාවාරම් කර ඇත්තේ වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්ත සිරදඬුවමකට යටත්ව සිටින මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන ‘අතුරුගිරියේ දිලූ’ නමැත්තාගේ මත්කුඩු තොග බවද පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත. මහා පරිමාණ කුඩු ජාවාරම්කරුවකු වන ‘අතුරුගිරියේ දිලූ’ නමැත්තා සැකකරුගේ පියා වන හිටපු පොලිස් නිලධාරියාගේ සොයුරියකගේ පුත‍්‍රයකු බවද හෙළි වී තිබේ.

රඳවා ගැනීමේ නියෝග මත පොලිසිය සැකකරුගෙන් වැඩිදුරටත් ප‍්‍රශ්න කරමින් සිටියි.

Related posts

පාසල් සිසුන් අතර ඇස් ලෙඩ ව්‍යාප්තිය ඉහළට

Admin

වසර 3ක් ඇතුළත අස්වැසුම ලබාදීම නවතන්න සැලසුම්

Admin

මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 2674ක් දක්වා ඉහළට

colombotoday

වරකාගොඩ ඥාණරතන හිමියෝ අස්ගිරි පාර්ශවයේ අභිනව මහා නායක ධුරයට පත්වෙති

colombotoday

තැපැල් ඡන්ද පත්‍රිකා හරි අඩක් මුද්‍රණය කර අවසන්.. මුද්‍රණාලයට අවශ්‍ය පොලිස් ආරක්ෂාව දෙන්න – මුද්‍රණාලයාධිපතිනිය ඉල්ලයි

Admin

රිජ්වේ ළමා රෝහල ඉදිරිපිට මෝටර් රථයක් ගිනි ගනී

Admin