Colombo Today Local News

පොදු ප්‍රවාහන සේවා පවත්වාගෙන යාමට කළමනාකරණ කාර්ය සාධක බලකායක් පත් කරයි

ප්‍රවාහණ සේවා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ඊයේ සිට (14) දින කොවිඩ් 19 වසංගත තත්ත්වය මෙරට පාලනය වන තෙක් පොදු ප්‍රවාහණ සේවා පවත්වාගෙන යාමේ දී සියලුම පොදු ප්‍රවාහණ සේවාවන් මනාව සැලසුම් කිරීම, ක්‍රියාත්මක කිරීම මෙහෙයවීම, නියාමනය හා බලාත්මක කිරීම යන කරුණු සඳහා ප්‍රවාහණ සේවා කළමනාකරන කාර්යය සාධක බලකායක් පත් කරනු ලැබ තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය අවසන් වන තෙක් ජනතාවට ප්‍රවාහණ සේවාවන් සැලසීමේ දී කිසිදු හිරිහැරයක් හෝ බාධකයක් ඇති නොවන පරිදි ප්‍රවාහණ සේවාවන් පවත්වාගෙන යාමත්, සෞඛ්‍ය අංශ විසින් ලබා දී ඇති උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක කිරීම මගින් කොවිඩ් 19 පොදු ප්‍රවාහණය ඔස්සේ ව්‍යාප්ත වීම වැළැක්වීම මෙහි අරමුණ බවත් අමාත්‍යවරයා එම බලකාය පත් කරමින් ප්‍රකාශ කළේය.

ප්‍රවාහණ සේවා කළමනාකරණ කාර්යය සාධක බලකායේ සභාපති ලෙස අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනවිරත්න මහතා පත් කර තිබේ.

ලේකම් වශයෙන් අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජේ. ඒම්. තිලකරත්න බණ්ඩා මහතා කටයුතු කරයි.

සාමාජිකයින් 21 දෙනෙකුගෙන් සමන්විත මෙම බලකාය සඳහා බස් රථ සංගම්වල සභාපතිවරු, දුම්රියසාමාන්‍යාධිකාරි, ලංගම, ජාතික ගමනාගමන කොමිසම, යන ආයතනවල සභාපතිවරු ද, පළාත් මාර්ගස්ථ අධිකාරිවල සභාපතිවරු ද , සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත් කරන නියෝජිතයෙක් ද ඇතුළත් වේ.

මහජනතාවට ප්‍රවාහණ සේවාවන් සැපයීමේ දි කිසියම් අපහසුතාවයක් වෙතොත් එම කාර්ය සාධක බලකායේ සභාපති – 011-2187233, අමාත්‍යාංශයේ දුරකථනය වන 011-2187200 හා ලේකම් , 0714410568 පැක්ස් අංක 011- 2865093 මගින් ද විමසීම් කළ හැකි වේ.

Related posts

“පොලීසිය කියන“ සේයා ඝාතනයේ අලුත් සැකකරුවා කියන අලුත් කතාව

colombotoday

රනිල් කරේ තියාගෙන එජාපය යන්නේ දේශපාලන කනත්තට… රනිල් දිගටම ඉන්නවනම් අපිත් කැමතියි

colombotoday

ඉඩම් කොල්ලයක තොරතුරු දුන් ගොවියාට ගුටි පුජාවක්

colombotoday

අක්කරපත්තුව වසා දමයි

colombotoday

මැතිවරණ කොමිසම පාර්ලිමේන්තුවට කැඳවීම නතර කළ යුතුයි – අනුර කුමාර දිසානායක

Admin

ශ්‍රී ලංකාව ලබාගෙන ඇති ණය ප්‍රතිව්‍යුහ කරන්න චීනය එකඟ වෙයි

Admin