Colombo Today Local News

පාර්ලිමේන්තු රැස්වීම් සතියකට එක දවසයි

2020 මුදල් වර්ෂයේ සේවා වියදම් සඳහා මුදල් අමාත්‍යවරයා විසින් ඉදිරිපත්කර ඇති විසර්ජන පනත් කෙටුම්පත ලබන නොවැම්බර් 12 වැනිදා දෙවනවර හා තෙවනවර කියවා සම්මත කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව අද (29)දින තීරණය කළ බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.

මේ අතර, කෝවිඩ්-19 අර්බුදය හේතුවෙන් ලබන සතියේ පාර්ලිමේන්තු කටයුතු එක් දිනයකට පමණක් සීමා කිරීමට ද කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී තීරණය විය.

ඒ අනුව, ලබන නොවැම්බර් 03 වැනිදා පෙරවරු 10 සිට පස්වරු 12 දක්වා පමණක් පාර්ලිමේන්තුව රැස්වන අතර, එදින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය විසින් වෛද්‍ය ආඥා පනතට ඉදිරිපත්කර ඇති නියෝග 02ක් විවාදයට ගනු ලබන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එදින මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වාරය සඳහා කාලය වෙන් නොකෙරේ.

මේ අතර පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයේදී මන්ත්‍රීවරුන්, ආරාධිත නිලධාරීන්, ආරක්ෂක නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය හැර වෙනත් කිසිවෙක් පාර්ලිමේන්තු සංකීරණය වෙත ඇතුළුවීමට ඉඩකඩ ලබා නොදීමටද තීරණය වී තිබේ.

ඒ අනුව, ජනමාධ්‍ය නියෝජිතයන්ට ද පාර්ලිමේන්තු කටයුතු ආවරණය සඳහා පාර්ලිමේන්තු පරිශ්‍රයට ඇතුළුවීමට ඉඩ නොලැබෙන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පැවසීය.

Related posts

රටේ අවධානය පොර්ට් සිටියට යද්දී කෝමාරිකා වගාවට විල්පත්තුවේ අමුණක් සැදීමේ පිඹුරුපත් සැකසේ.

colombotoday

ස්පා තරුණියන් දෙදෙනෙකු පැහැර ගෙන කරපු වැඩේ

Admin

ජාජබ නායකයින් මැතිවරණ කොමිසමට

Admin

මහවැලි ව්‍යාපාරය උතුරට පැමිණීම නිසා උතුරේ සිංහල ජනගහනය වැඩි වී දෙමළ ජනතාව විශාල අනතුරක – ඩග්ලස් දේවානන්දා

colombotoday

මෛත්‍රී – රනිල් ආණ්ඩුව රාජ්‍ය ආයතන විකුණනවා – ඇමති හෙංචයියන් සභාපති තනතුරුවලට

colombotoday

රන්ජන්ගේ කොකේන් චෝදනා ඔප්පු කරන්න බෑ – එජාප කමිටුව තීරණය කරයි

colombotoday