Business

ප්‍රීමා සමාගම හොරාට තිරිඟු පිටි මිල වැඩි කරලා

ප්‍රීමා සමාගම හොර රහසේ තිරිඟු පිටි මිල රු 5කින් වැඩි කර ඇති බව සඳහන් කරමින් පාරිභෝගික කටයුතු අධිකාරියවෙත පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රන්ජිත් විතානගේ මහතා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

එම පැමිණිල්ල ඉදිරිපත් කරමින් ඒ මහතා අවධාරණය කර සිටින්නේ….

2003 අංක 09 දරණ පාරිභෝගික කටයුතු අධිකාරි පනත මගින් පිහිටුවා තිබෙන ඔබ අධිකාරියේ නිසි
අවසරයකින් තොරව ප්‍රීමා ලංකා සමාගම විසින් තිරිගු පිටි මිල රැපියල් 5.50 කින් වැඩි කර ඇත.
2016 ජූලි මස 14 වන දින නිකුත් කොට ඇති අංක 1975/68 දරණ අති විශේෂ ගැසට් පත්‍රයට අනුව
උපරිම මිලක් නියම කොට තිබෙන තිරිගු පිටි සදහා මිල වැඩි කිරීම සදහා උක්ත පනතේ 18(2)
වගන්තියට අනුව ඔබ අධිකාරියේ අවසරය ලබා ගත යුතු වුවද එසේ අවසරයක් ලබා නොගෙන
තිරිගුපිටි වැඩි කිරීම නීති විරෝධී වන බැවින් අදාල සමාගමට විරැද්ධව නීතිමය ප්‍රීමා ක්‍රියාමාර්ග
ගන්නා ලෙස අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

Related posts

රුපියලේ තරමක ශක්තිමත්වීමක්

colombotoday

වාහන වෙන්දේසියෙන් වරාය අධිකාරියට වාර්තාගත ආදායමක්

colombotoday

කොටස් වෙළෙඳපොළ ගනුදෙනු තාවකාලිකව නතර කෙරේ

colombotoday

ඩොලරයක විකුණුම් මිල 289 ඉක්මවයි. ගැණුම් මිලත් ඉහළට

colombotoday

මහ බැංකුව තවත් රු.බි.17 ක බැඳුම්කර නිකුත් කරයි.

colombotoday

සම්මත කෙරුණු අලුත් බදු පනවන දිනය මෙන්න

Admin