Colombo Today Local News

ප්‍රංශයෙන් එවපු රු.කෝටි 2ක් වටින තෑග්ග ගුවන්තොටුපල රේගු නිලධාරින්ට හසුවෙයි

රුපියල් කෝටි දෙකක් පමණ වටිනා මෙතැම්පටමයින් නමැති මත්ද්‍රව්‍ය තොගයක් කටුනායක ගුවන්තොටුපලේ දී සොයාගෙන තිබේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල ගුවන් බඩු කොට්ඨාසයට අනුබද්ධිත “කළම්බු කාර්ගෝ එක්ස්ප්‍රස්” නමැති ගුවන් භාණ්ඩ ප්‍රවාහන බැඳුම්කර ගුදම වෙත ගුවන් මගින් එවා තිබූ සැක කටයුතු ගුවන් තැපැල් පෙට්ටියක තිබී අදාල මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

එහි පොලිතීන් මලු තුළ සූක්ෂම ලෙස අසුරා තිබූ මෙතැම්පටමයින් පෙති 5716 ක් සොයාගෙන තිබේ.

මෙම ගුවන් බඩු බහාලුම කොළඹ, අලුත්කඩේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකුගේ නමට, ත්‍යාගයක් ලෙස ප්‍රංශයේ සිට එවා ඇති බව සඳහන් වේ.

ඒ අනුව ගුවන්තොටුපල රේගු නිලධාරින් විසින් අදාල පුද්ගලයා සොයා ගොස් ඔහු අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

රට තුළ ඔමික්‍රෝන් කොවිඩ් වසංගත තත්ත්වයක් ඇති වීමේ අවදානමක් – PHI සංගමයෙන් අනතුරු ඇඟවයි

colombotoday

අනුර දිසානායකයේ අයර්ලන්තයේ නිවස ගැන තොරතුරු හෙළිවේ !

colombotoday

බන්ධනාගාර කිහිපයකට STF ආරක්ෂාව

colombotoday

මීගමුව බන්ධනාගාරයට හොරබඩු විසිකළ කත අල්ලයි

colombotoday

කොල්ලකරුවෝ නිවෙසට පැන ගෙහිමි පියා මරා භාණ්ඩ සොරා ගෙන. පුතුත් රෝහලේ…

colombotoday

කොවිඩ් ආසාදිතයන් රැගෙන යමින් තිබූ ගිලන් රථයක බීමත් යතුරුපැදිකරුවෙකු ගැටෙයි

colombotoday