Colombo Today Local News

නිශාන්ත රණතුංගට ඡන්දය නොදුන් වරාය මාධ්‍ය ලොක්කාගේ කාර්යාලයට අර්ජුණ සීල් තබයි

පසුගියදා පැවති ක්‍රිකට් නිලවරණයේදී වරාය ඇමති සොයුරු නිශාන්ත රණතුංගට ඡන්දය නොදුන් බව පැවසෙන ශ්‍රී ලංකා වරාය අධිකාරියේ මාධ්‍ය අංශ ප්‍රධානියාගේ කාර්යාලයට වරාය අමාත්‍ය අර්ජුණ රණතුංගගේ නියෝගයෙන් සීල් තබා මාධ්‍ය ප්‍රධානියාට එරෙහිව ආයතනික විමර්ශනයක් අරඹා ඇති බව වරාය වෘත්තීය සමිති පවසයි.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සන්නිවේදන හා මහජන සම්බන්ධතා අංශයේ ප්‍රධානියා වන්නේ ප්‍රවීන ක්‍රිකට් විචාරකයෙකු වන නලින් අපොන්සු මහතාය. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාවේ සාමාජිකයෙකු ලෙස දිගුකලක් කටයුතු කර ඇති මොහු, ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ක්‍රීඩා සමාජයේ උප සභාපතිවරයෙකු වන අතරම, ජනසතු සේවා ක්‍රිකට් සංගමයේ සභාපතිවරයාද වේ.

ජනසතු සේවා ක්‍රිකට් සංගමය පසුගියදා රැස්වී ක්‍රිකට් නිළවරණයේදී සභාපතිධූරය සඳහා තරගවැද සිටින තිලංග සුමතිපාල මහතාට පක්ෂව සිය ඡන්ද දෙක පාවිච්චි කිරීමට තීන්දුවකට එළඹ තිබිණ.

ආදී නාලන්දියකු වන තිලංග සුමතිපාල මහතාට පක්ෂව ඡන්දය දීමට ජනසතු සේවා ක්‍රිකට් සංගමය ගත් තීන්දු වෙනස් කර, නිශාන්ත රණතුංග මහතාට එම ඡන්ද දෙක ලබාදෙන්නැයි රණතුංග පාර්ශ්වයෙන් අපොන්සු මහතාට දැඩි බලපෑමක් එල්ලවී තිබු බව ක්‍රිකට් ආරංචිමාර්ග සඳහන් කරයි.

කෙසේවුවද, පසුගිය 03 වැනිදා පැවති ක්‍රිකට් ආයතනයේ නිළවරණයේ සභාපතිධූරය සඳහා පැවති ඡන්දයේදී අපොන්සු මහතා ඡන්දය දීමෙන් වැලකී සිටියේය.

Related posts

වාතයෙන් බෝවන කොරෝනා වෛරස් ප්‍රභේදයක් අලුත් එකක් නොවෙයි. – රවී කුමුදේශ්

colombotoday

ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ දාගැබක කළ කැණීමකින් ශිලාමය කරඬු 4 ක් හමුවේ..

Admin

ප්‍රාදේශීය සභා යන්න හිටපු කට්ටිය දැන් පාර්ලිමේන්තුවේ

Admin

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට සුදානම් – චමල්, බැසිල්, නාමල්ට ඇමති ධූර නෑ.

colombotoday

ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණෙන්නැයි සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ජනපතිගෙන් යළි ඇරයුම්..

colombotoday

අනාවැකිය වරදී.. විජේමුණිට හෙටින් පසු නරකම කාලයක් – තොටවත්තගෙන් අනාවැකි

colombotoday