Colombo Today Local News

නිරෝධායනය වන පුද්ගලයින්ට තැපැල් ඡන්දය සඳහා තවත් දිනයක්

මහ මැතිවරණයට අදාළ ව පොලිස් ස්ථාන, ආරක්ෂක හමුදා, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව, දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා මැතිවරණ කාර්යාලවල තැපැල් ඡන්ද සලකුණු කිරිම අද (16) හා හෙට (17)දින වල සිදුකෙරෙයි.

මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේ, අද පෙරවරු 09.00 සිට පස්වරු 04.00 දක්වාත් හෙට පෙරවරු 09.00 සිට පස්වරු 02.00 දක්වා ත් තැපැල් ඡන්ද සලකුණු කිරිම සිදුකෙරෙන බවය.

මහ මැතිවරණය ට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කටයුතු පසුගිය 13 වන දින ආරම්භ විය.

ඒ අනුව අදාළ දිනවල දී තැපැල් ඡන්ද සලකුණු කිරිමට නොහැකි වන තැපැල් ඡන්ද දායකයින්ට ලබන 20 සහ 21 යන දිනවල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල දී තැපැල් ඡන්ද සලකුණු කිරිමේ අවස්ථාව හිමි වන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කළේය.

කොරෝනා වසංගතය හේතුවෙන් නිරෝධායනයට ලක්ව සිටින පුද්ගලයින්ට තැපැල් ඡන්දය සලකුණු කිරිම සඳහා අගෝස්තු මස 04 වන දින අවස්ථාව ලබාදීමට ද තීරණය කර ඇති බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ඳහන් කරයි.

මේ අතර තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කටයුතු මේ තාක්දුරට සාමකාමීව පැවැති බව මැතිවරණ නිරික්ෂණ සංවිධානයක් වන පැෆ්රල් සංවිධානය පෙන්වා දෙයි.

එහි විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ, අද සහ හෙට තැපැල් ඡන්ද සලකුණු කිරිමේ කටයුතු ද සිය සංවිධානය විසින් නිරික්ෂණය කරන බවය.

මේ අතර මහ මැතිවරණය අගෝස්තු මස 05 වන දින පැවැත්විමට අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කරයි.

Related posts

ඊළම ප්‍රකාශයට පත් කළ සුප්‍රකට වඩුක්කොඩෙයි ආසනය සජිත් උඩින්ම දිනයි….

colombotoday

ඇහැලියගොඩ සියලු පාසල් නැවත දැනුම් දෙනතුරු වසාදමයි

colombotoday

ජවිපෙ සමන්තට එරෙහිව ඌව මහ ඇමති සීනිගමදී මිරිස් අඹරයි

colombotoday

කාබනික නිෂ්පාදන සතිය අදින් ඇරඹේ

colombotoday

රත්මලානේ බේකිරි නිෂ්පාදන කර්මාන්තශාලාවක 50කට කෙරෝනා

colombotoday

“ආහාර සපයා ගත හැකි සුළු පිරිසක් ඉතිරි වී ඉතිරි පිරිස මිය යාවි.”

colombotoday