නිරෝධායන ඇදිරිනීතිය කඩ කළ 150 දෙනෙකු ඊයේ (07) දිනය තුළ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාද්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලීස්පති අජිත් රෝහණ ප්‍රකාශ කලා.
ඔහු කියා සිටියේ මුහුණු ආවරණ නොපැළදීම සහ සමාජ දුරස්ථභාවය තබා නොගැනීම යන චෝදනා යටතේ මේ දක්වා 116 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.
මේ අතර පසුගිය පැය 24 තුළ බස්නාහිර පළාතේ සිදු කළ වැටලීම් වලින් පුද්ගලයින් 114 දෙනෙකු අත්අඩංගුවට ගෙන තෙබේ.
හෙරොයින් ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 27 දෙනෙකු සහ නීතිවිරෝධී මත්පැන් ජාවාරමේ යෙදුණු පුද්ගලයින් 62 කු මේ අතර වන බවයි පොලිස් හදිසි ඇමතුම් අංශය සදහන් කළේ.