නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ සේවා කාලය අදින් (22) නිමාවට පත්වීමට නියමිත වුවද සේනාධිනායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ (21) ඔහුගේ නිල කාලය තවත් මාස 6 කින් දීර්ඝ කර තිබේ.
නාවික හමුදාපතිවරයා ලෙස රවින්ද්‍ර විජේගුණරත්න වැඩ බාරගනු ලැබුවේ 2015 ජූලි 11 වැනිදාය.
කෙසේවුවද, පසුගියදා හම්බන්තොට වරායේ සිදුවූ ගැටුමකදී මාධ්‍යවේදියකුට පහරදීම හේතුවෙන් නාවික හමුදාපතිවරයා විවේචනයට ලක්විය.