Colombo Today Local News

නව රජය පත්වීමත් සමග පාතාලය නිහඬ වෙලා

නව රජය බලයට පත්වීමත් සමගම රටේ පාතාල කි‍්‍රයාකාරකම් 100% කින් පහළ වැටී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පවසයි.

රටපුරා විසිරී සිටින පාතාල කණ්ඩායම් විසින් සිදුකළ මිනීමැරුම්, කප්පම් ගැනීම්, කොල්ලකෑම්, පහරදීම්, වෙඩි තැබීම්, සොරකම් සහ පැහැරගෙන යෑම් නව රජය බලයට පැමිණීමෙන් පසු මුළුමනින්ම නතර වී ඇති බව පොලිස් මූලස්ථානය සිදුකළ සමීක්‍ෂණ වලින් හෙළිවී තිබේ.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු මෙරට සැඟවී සිටි පාතාල අපරාධකාරයන් විශාල පිරිසක් සිය කි‍්‍රයාකාරකම් නතර කර රහසිගත ජීවිත ගත කරන අතර ඇතැම් පාතාල අපරාධකාරයන් රට අතහැර පලාගොස් ඇති බවද වාර්තා වෙයි.

නව රජය බලයට පත්වීමෙන් පසු දිවයිනේ කිසිදු ප‍්‍රදේශයකින්ම පාතාල අපරාධ, පාතාල මිනීමැරුම්, මහාපරිමාණ මංකොල්ලකෑම් කිසිවක් වාර්තා වී නැත.

ගෝඨාභය රාජපක්‍ෂ මහතා ආරක්‍ෂක ලේකම්වරයාව සිටි කාල සීමාවේ පාතාල මර්දන මෙහෙයුම් ඉතාම සාර්ථකව කි‍්‍රයාත්මක කළ අතර ඒ කාල සීමාවේදීද මෙරට පාතාල අපරාධ සම්පූර්ණයෙන් නතර වී තිබිණි.

Related posts

අටුලුගම දී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට කෙළ ගැසූ පුද්ගලයා අත්අඩංගුවට

colombotoday

මඩකලපුව ශරියා විශ්වවිද්‍යාලයේ තිබී පුපුරණ ද්‍රව්‍ය තොගයක් සොයාගනී…

colombotoday

බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් අත්අඩංගුවට

colombotoday

20 ගේන්නේ රට අරාජික කළ ජනතාවට එපා වූ 19 ඉවත් කරන්නයි.. අගමැති මහින්ද කියයි

colombotoday

හංවැල්ලලේදී පුද්ගලයෙකුට වෙඩි තබයි

colombotoday

“ආර්ථික විශේෂඥයන් මොනව කීවත් ජනතාව මත බදු බර පටවන්න දෙන්නෑ” – ජනපති

colombotoday