Colombo Today Local News

දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දලට

හීලෑ අලි ඇතුන් රැක බලා ගැනීම සහ පෙරහැර වලට ලබාදීම සම්බන්ධයෙන් මාර්ගෝපදේශ සංග්‍රහයක් සකස් කොට එය කඩිනමින් ඇමති මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරිමට අපේක්ෂා කරන බවයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මෙහිදී සඳහන් කර සිටියි.

හීලෑ අලි ඇතුන්ට සිදුවන හිංසනය වැළැක්වීමට ප්‍රමුඛතාවය හිමිවිය විය යුතු බවත් ඒ සම්බන්ධයෙන් වනජීවී ඇමතිවරයා සමග සාකච්ජා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව සඳහන් කර සිටියා.

මේ අතර දෙහිවල සත්වෝද්‍යානය පිළියන්දල කහපොල ප්‍රදේශයට ගෙන යාම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග ගේ අවධානය යොමු වී තිබේ.

සතුන් කුඩු කර නැරඹීමේ ක්‍රමවේදය වර්තමානයේදී යල් පැන ගිය ක්‍රමවේදයක් බවත් ඒ නිසා සත්වෝද්‍යානය නවීන ලෝකයට ගැලපෙන පරිදි සැකසීම අත්‍යවශ්‍ය බැවින් සතුන්ට හිංසාවක් නොවන අයුරින් එය සිදුකළ යුතුව ඇති බව අමාත්‍යවරයා අවධාරණය කර සිටි.

දෙහිවල සත්වෝද්‍යානයේ සතුන්ගේ කෑම බීම සහ වෙනත් අවශ්‍යතා සපුරාලීම සඳහා මාසිකව රුපියල් මිලියන 40 කට ආසන්න මුදලක් සහ සේවක වැටුප් සහ අතිකාල ගෙවීම සඳහා රුපියල් මිලියන 06ක මුදලක් වැය වන බව මෙහිදී අනාවරණය වී තිබේ.

දෙහිවල සත්වෝද්‍යානයේ පවතින වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරිමට අවශ්‍ය කටයුතු යොදන ලෙසද මෙහිදී ඇමතිවරයා උපදෙස් ලබාදී ඇත.

Related posts

ඇඟ බැලුවනම් අර්ජුන, දුලිප් ක්‍රිකට් ගහන්නේ නෑ… – භානුක ඉල්ලා ක්‍රිකට් ආයතනය ඉදිරිපිට විරෝධතාවයක්.

colombotoday

අගමැතිට තදබල අපලයක්.. දකුණු ඉන්දියාවේ කෝවිලක මහා පූජාවක් !

colombotoday

දැනෙන්න අඩු වූ තෙල් මිල

Admin

නැති බැරි මුස්ලිම්වරුන්ට ඥානසාර හිමි මෛත්‍රීය දක්වයි.

colombotoday

උදේ වරුවේ ටියුෂන් තහංචියට අධ්‍යාපන ඇමතිගෙන් කැබිනට් පත්‍රිකාවක්…

colombotoday

කොටි සොහොන් බිමක් හදන්න රජයේ මුදල් ලක්ෂ 40ක් වෙන් කෙරේ !

colombotoday