Colombo Today Local News

දෙමටගොඩ චමින්දගේ මවට බන්ධනාගාරය තුළ හෙරොයින් අලෙවියට පහසුකම් සැපයූ වූ නියාමකවරියක් කොටු

වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික දෙමටගොඩ චමින්දගේ මවට පහසුකම් සැපයූ බන්ධනාගාර නියාමකවරියකට එරෙහිව පරීක්ෂණයක් ආරම්භ කර තිබෙනවා.

ඉකුත් 12 වැනි දා සිරකරු දිනයේදී දෙමටගොඩ චමින්දගෙ මවට කාන්තා බන්ධනාගාරයට පිටතින් හෙරොයින් පැකට් කිහිපයක් විසිකර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

එම හෙරොයින් ලබා ගැනීම සඳහා වාට්ටුවෙන් පිටතට යාමට ඇයට, අදාල බන්ධනාගාර නියාමකවරිය අවස්ථාව සලසා දී තිබෙනවා. දෙමටගොඩ චමින්දගෙ මව එම හෙරොයින් ලබාගෙන වැලිකඩ කාන්තා බන්ධනාගාරයේ රැඳවියන්ට මුදලට අලෙවි කර ඇති බවයි බන්ධනාගාර ආරංචි පැවසුවේ.

ඇයට වාට්ටුවෙන් පිටතට යාමට පහසුකම් සැලසු බන්ධනාගාර නියාමකවරියට ද මුදල් ලබාදී ඇති බවයි වාර්තා වන්නේ.

Related posts

නාම පුවරුවලින් මෛත්‍රීගේ නම වසා තබන්නැයි මැතිවරණ කාර්යාලය දන්වයි. සල්ලි දුන්නොත් වහන්නම් පළාත් පාලන ආයතන කියයි.

colombotoday

නිව්යෝක් ටයිම්ස් ලිපියට අනුග්‍රහය මංගලගෙන් – ඒකාබද්ධයෙන් චෝදනා

colombotoday

ඇතුල්කෝට්ටේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක් ගිනිබත් වෙයි

colombotoday

නිරිත දිගට වැඩි වෙන වැස්ස

colombotoday

පාකිස්ථානයෙන් ප්‍රහාරක ජෙට් යානා 8ක් ගන්න රජය එකඟ වෙයි

colombotoday

මෙරට ඛනිජ තෙල් වෙළඳාමට විදෙස් සමාගම් 3කට අවසර

Admin