Colombo Today Local NewsWorld

දිනක් තුල කොරෝනා අසාදිතයින් 28000 ක් ඉන්දියාවෙන්.

ඉන්දියාවෙන් දිනක් ඇතුළත වාර්තා වූ වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ ගණන ඊයේ (12) පස්වරුවෙන් අවසන් වූ පැය 24ක කාලයේදී වාර්තා වූ අතර එම ගණන 28,637ක් විය.

අසල්වැසි ඉන්දියාවෙන් මේ වනවිට වාර්තා වන නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 8,49,553ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර එරටින් වාර්තා වන වයිරස ආසාදිත මරණ ගණන 22,674ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඉන්දියාවේ විවිධ රෝහල්වල ප්‍රතිකාර ලබන ගණන 2,92,258ක් වන අතර වයිරසය ආසාදනය වී සුවය ලැබූ ගණන 5,34,621කි.

ලොව තෙවැනියට වැඩිම නව කොරෝනා වයිරස ආසාදිතයන් ගණනක් වාර්තා වන්නේ ද අසල්වැසි ඉන්දියාවෙනි.

නව කොරෝනා වයිරසය හේතුවෙන් ඉන්දියාවේ වැඩිම බලපෑමක් එල්ල වූ ප්‍රාන්තය බවට පත්ව ඇත්තේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය වන එම ප්‍රාන්තයෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 2,46,600කි. තමිල්නාඩුවෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන වන 1,34,226ක් වන අතර දිල්ලියෙන් වාර්තා වන ආසාදිතයන්ගේ ගණන 1,10,921කි. ගුජරාට් ප්‍රාන්තයෙන් ඊයේ පස්වරු වනවිට වාර්තා වී තිබූ ආසාදිතයන්ගේ ගණන 40,941කි.

අසල්වැසි පාකිස්තානයෙන් වාර්තා වන නව කොරෝනා වයිරස ආසා.දිතයන්ගේ ගණන 2,46,351ක් වන අතර බංග්ලාදේශයෙන් අද පස්වරු වනවිට වාර්තා වී තිබූ නව කොරෝනා වයිරස ආසාදිතයන්ගේ සමස්ත ගණන 1,81,129ක් විය.

එන්.ඩී.ටීවී.

Related posts

හෙල්මට් තහනමට එරේහි උද්ඝෝෂණයෙන්, ජනාධිපති ලේකම් කාර්යාල අසල නොසන්සුන්

colombotoday

හම්බන්තොට මහ නගරසභාව එජාපයට

colombotoday

අපේ රටේ ප්‍රශ්ණ අපට විසදා ගැනීමට ඉඩ දෙන්න – ජනපති ජිනීවාහිදී ඉල්ලයි

colombotoday

“හිටපු කොටින්ට විෂ එන්නත් කිරීමේ චෝදනාව: සාක්කි හොයාගන්න බැරිවුණා” – TNA

colombotoday

“කවුරු මොනව කීවත් භික්ෂු සමාජයේ විනය හදනවා” – ජනපති කියයි

colombotoday

ජනපතිට කොරෝනා යැයි මුහුණු පතේ පළ කළ නර්තන ශිල්පිනිය රිමාන්ඩ්

colombotoday