නීතිය සාමය සහ බන්ධනාගාර අමාත්‍ය තිලක් මාරපන මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමට අද පෙරවරුවේ ඒ මහතාගේ නිවසේදී මාධ්‍ය හමුවක් ද කැදවා තිබිනි.
ඇවන්ගාඩ් සිද්ධිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සදහා අද පැවැත්වෙන කැබිනට් රැස්වීම අතරවාරයේදී මාරපන මහතාගේ ඉල්ලා අස්වීමේ ලිපිය තමන්ට ලැබුණු බව ජනාධිපතිවරයාද පවසා ඇති බව වාර්තා වේ.
තිලක් මාරපන මහතාට අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වන ලෙස අගමැතිවරයාද දැනුම් දී ඇති බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග මීට පෙර වාර්තා කර තිබිනි.