Colombo Today Local News

ත්‍රීකුණාමලයයේ ඩෙංගු නවත්වන්න අගමැති ලක්ෂ 50 ක් වෙන් කරයි

ත්‍රීකුණාමලය දිස්ත්‍රීක්කයේ ඩෙංගු මර්ධන කාර්ය සදහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රසිංහ මහතා විසින් රුපියල් මිලියන පහක මුදලක් වෙන්කර ඇති බවත් ඩෙංගු රෝගයෙන් බරපතල තර්ජනයක් එල්ල වී ඇති කින්නියා ප්‍රදේශයට විශේෂඥ වෛද්‍යවරුන් සිව්දෙනෙකු ඇතුළු 23 දෙනෙකුගෙන් කණ්ඩායමක්ද කොළඹ සිට එවා ඇති බවත් නැගෙනහිර පළත් සෞඛ්‍ය අමාත්‍ය ඒ.එල්.එම්.නසීර් මහතා පැවසීය.

සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත වෛද්‍යවරුන් සිව් දෙනා සහ හෙද නිලධාරීන් 19 දෙනෙකු කින්නියා ප්‍රදේශය වෙත එවා ඇති බවද ඒ මහතා සදහන් කළේය.

දිස්ත්‍රීක්කය පුරා පැතිර ඇති ඩෙංගු තත්ත්වය මර්ධනය කිරීම සදහා නැගෙනහිර පළාත් සභාව සෞඛ්‍ය අමාත්‍යංශය හා දෙපාර්තුමේන්තුව, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාල, පළාත් පාලන ආයතන, රාජ්‍ය ආයතන පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ මෙන්ම සාමාන්‍ය ජනතාවද මෙම ඩෙංගු මර්ධන කටයුතු වලට දායක සම්බන්ධ වී ඇති බවද හෙතෙම කීවේය. නැගෙනහිර පළාතේම ඩෙංගු රෝගයෙන් මියගිය සංඛ්‍යාව 15 ක් බවත් මඩකලපුව දිස්ත්‍රීක්කයේ දෙදෙනකුද ඒ අතර වන බවත් සෙසු මරණ 13 ම ත්‍රීකුණාමලයෙන් වාර්තා වී තිබෙන අතර ඉන් 9ක්ම කින්නියා ප්‍රදේශයේ බවත් හෙතෙම සදහන් කළේය.

Related posts

මත් ජාවාරමුන් එල්ලා මැරීම ස්තීරයි… ළගදීම ක්‍රියාත්මක කරනවා – ජනපති නැවතත් කියයි

colombotoday

අලුත්ම නාඩගම මෙන්න. ලංකාවේ සංචාරක කර්මාන්තයට තවුහිඩ් ජමාත් මොහොමඩ්ගෙන් “හලාල් ටුවර්ස්”

colombotoday

කෝටි තුනකට අධික හෙරොයින් සමඟ 3 ක් දැලේ

colombotoday

අද සිට ක්‍රියාත්මක වන Online පනත

Admin

හොර නෝට්ටු 602ක් සමග තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

හිටපු කොටි සාමාජිකයන් දහයක් නිදහස ලබා ගෙදර යයි (PHOTOS)

colombotoday