Colombo Today Local News

ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීම: ඉහළ අවදානම් සහිත ලැයිස්තුවෙන් ශ‍්‍රී ලංකාව ඉවතට

ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීමේ ඉහළ අවදානම් සහිත රටවල් ලැයිස්තුවෙන් ශ‍්‍රී ලංකාව ඉවත් කිරීමට යුරෝපා කොමිසම තීරණ කර ඇත.

යුරෝපා කොමිසම විසින් පසුගිය මැයි 07 වැනිදා ප‍්‍රකාශයට පත්කරන ලද මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සම්බන්ධයෙන් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටවල් ලැයිස්තුවෙන් ශ‍්‍රී ලංකාව ඉවත් කිරීමට තීරණය කර තිබේ.

පසුගිය 2017 වසරේ ඔක්තෝබර් මාසයේ දී මූල්‍ය කාර්ය සාධක බළකාය විසින් ශ‍්‍රී ලංකාව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ සහ ත‍්‍රස්තවාදයට අරමුදල් සැපයීම මැඬපැවැත්වීමේ උපායමාර්ගික දුර්වලතා සහිත රටක් ලෙස “අළු ලේඛන” ගත කිරීමත් සමග 2018 පෙබරවාරි මාසයේදී යුරෝපා කොමිසම විසින් ඉහළ අවදානම් සහිත තුන්වන පාර්ශවයේ රටක් ලෙස ශ‍්‍රී ලංකාව ලැයිස්තුගත කරන ලදී. මූල්‍ය කාර්ය සාධක බළකාය විසින් ශ‍්‍රී ලංකාව “අළු ලේඛන” ගත කිරීම සමග හඳුනාගත් උපායමාර්ගික දුර්වලතා මගහරවා ගැනීම සඳහා කාල රාමුවකට යටත්වූ ක‍්‍රියාකාරී සැලැස්මක් ශ‍්‍රී ලංකාවට ලබා දෙන ලදී.

ඒ අනුව, මූල්‍ය බුද්ධි ඒකකය විසින් අනෙකුත් පාර්ශවකරුවන් සමග ඉහත ක‍්‍රියාකාරී සැලැස්ම ලබාදුන් නිශ්චිත කාලරාමුවේදී සාර්ථක ලෙස ක‍්‍රියාත්මක කිරීමට පියවර ගත් අතර එහි ප‍්‍රතිඵලයක් ලෙස 2019 ඔක්තෝම්බර් 13 දා සිට 18 දා දක්වා පැරීසියේ පැවැති මූල්‍ය කාර්ය සාධක බළකායේ සැසිවාරයේදී ‘අළු ලේඛනයෙන්’ ශ‍්‍රී ලංකාව ඉවත් කිරීමට කටයුතු කරන ලදී.

Related posts

එක්ස්රේ පටලවල හිඟයක්… දත් ආශ්‍රිත සියලු එක්ස්රේ පරීක්ෂණ කල් යයි…

colombotoday

රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරා වෙනුවෙන් යුරෝපා සංගමය කළ ඉල්ලීම රජය ප‍්‍රතික්‍ෂේප කරයි

colombotoday

ඔසුසල්වල ඖෂධ හිඟයක්.. ඩොලර් නොදුන්නොත් බෙහෙත් ගෙන්වීමත් නවතී.

colombotoday

කොලොම්බියාව අහසේත් රහස් බැලූනයක්

Admin

පෑලියගොඩ මහ මග නාඳුනන මළ සිරුරක්

colombotoday

සෞඛ්‍ය මාර්ගෝපදේශ කැඩූ බස්නාහිර පළාතේ බස් 481කට අවවාද..

colombotoday