Colombo Today Local News

ත‍්‍රස්තවාද වැලැක්වීමේ පනත වෙනුවට ගෙනෙන නව පනත පරද්දවනවා – ශ්‍රී.නි.ප මහලේකම් දයාසිරි ජයසේකර

වත්මන් රජය විසින් ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කර ඒ වෙනුවට ගෙනඒමට යන නව පනත පැරදවීම සඳහා සටන් කරන බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පැවසිය.

ඒ  ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ දී අද (12) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

මෙම නව පනත තුළින් රජය උත්සාහ ගන්නේ ත‍්‍රස්තවාදී කටයුතු මැඩලීමට නොව ත‍්‍රස්තවාදී පනත පාවිචිචි කරමින් වෘත්තීය සමිති,සිවිල් සංවිධාන හා මාධ්‍ය මර්දනය කිරීම හා නිදහස නැති කීරිම බවට ඇමති වරයා  සදහන් කරන ලදි.

ඒහිදි බොහෙම පැහැදිව සදහන් වන කාරනාවක් ලෙස අත්‍යාව්‍යශ සේවවන්ට බාධා කීරිම හෝ හනි කිරීම,වෘර්තිය සමිති ක්‍රියාමර්ග ගැනීම වැනි කරනා ත‍්‍රස්තවාදී ක්‍රියා ලෙස සදහන්වන බවට ඇමති වරයා වැඩිදුරටත් සදහන් කරන ලදි.

ත‍්‍රස්තවාදය වැළැක්වීමේ පනතක් ශක්තිමත් කළ යුත්තේ රටේ ආරක්‍ෂාව වෙනුවෙන් බව කී මන්ත‍්‍රීවරයා වත්මන් රජය එම පනත ශක්තිමත් කරන බව කියමින් රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය නැති කිරීමට සැරසෙන බව ද පැවසිය.

එබැවින් එයට එරෙහිව ගතයුතු සෑම ක‍්‍රියාමාර්ගයක්ම ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ලෙස කටයුතු කරන බවට ද මහලේකම්වරයා සදහන් කරන ලදි.

Related posts

ලංකා විදුලි පුද්ගලික සමාගමට (LECO) හොර පාරෙන් කළමනාකරණ සහකරුවන් බදවා ගැනීමේ සූදානමක්.

colombotoday

දමිතා බලන්න විපක්ෂ නායක කොටුව පොලිසියට

colombotoday

සදසිරිගම පොළව ඉරි තලයි

colombotoday

ජාවාරම්කරුවන් එක්ක හරක් හොරකමේ ගිය පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවට

colombotoday

ජාතික රෝහලේ නිලධාරිනියක් කොවිඩ් යැයි සැකපිට PCR පරීක්ෂාවට

colombotoday

තව්හිද් ජමාත්, මියන්මාරයට එරෙහිව අද කොළඹදී යකා නටන්න යයි !!

colombotoday