Colombo Today Local News

තරුණයන්ගේ නියම හැකියාවන් ලබා ගන්න ඉදිරියේදී රැකියා දෙන ක්‍රමය වෙනස් කල යුතුයි.

මේ රටේ තරුණ තරුණියන්ට වගේම දේශපාලඥයොන්ට ඇති ප්‍රධානතම ගැටලුව, රැකියා ලබාදීම බව සූර්ය බලශක්තිය, සුළං සහ ජල විදුලි උත්පාදන ව්‍යාපෘති සංවර්ධනය රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසනවා.

මාධ්‍යවෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ පැවසුවා.

අපි ගාවට රැකියාවක් බලාපොරොත්තුවෙන් තරුණ තරුණියෝ එන්නේ සාමාන්‍යය පෙළ හෝ උසස් පෙළ සමත් වෙලා.මේ රටේ තියෙන අධ්‍යාපන සුදුසුකමකට තමයි රැකියාවක් ඉල්ලන්නේ, නමුත් මේක වෙනස් කරන්න හොඳම වෙලාව තමයි මේ වෙලාව.සෑම තරුණ, තරුණියක්ම රැකියාවකට සුදුසුකමක් ලබා ගත යුතුයි කියන ප්‍රථිපත්තිමය තීන්දුවක් ආණ්ඩුව ගත්තොත් මේ අධ්‍යාපන සහතිකයට රැකියාවක් ගන්න එක අපිට නවත්තන්න පුළුවන්කම තියෙනවා.

තරුණයාගේ නියම හැකියාවන් අපිට ලබා ගන්න බැරි වුණේ එවැනි ක්‍රමයක් නැති නිසයි. උපාධිධාරීන් ලක්ෂයකට අපි පත්වීම් දෙනවා, ඒ අයගේ උපාධිය මොකක්ද කියලත් අපි දන්නවා. සමහර වෙලාවට එයාගේ තියන හැකියාවන් මත නෙමෙයි, කොහොම හරි උපාධියක් ගත්ත නිසා අධ්‍යාපන සුදුසුකමකට අපි බඳවා ගන්නවා. ඉදිරියේදී මේක මහා ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා සියලුම තරුණයෝ අධ්‍යාපන සුදුසුකමකට අමතරව, රැකියාවකට සුදුස්සෙක් විය යුතුයි කියන එක ප්‍රථිපත්තිමය තීන්දුවක් අරගත යුතුයි.

ඒ වගේම නිපුනතා සංවර්ධන අමාත්‍යංශයට අදාළ පාඨමාලා යාවත්කාලීන කළ යුතුයි, පාඨමාලා වලට දරුවන් එකතු කර ගැනීමේ ගැටලු පවතිනවා.ඒ නිසා තරුණ කටයුතු අමාත්‍යංශය හරහා තරුණයින් වෘත්තීය පුහුණුවට යොමු කිරීමේ හැකියාව තියෙනවා යනුවෙන් අමාත්‍යවරයා පැවසීය.

Related posts

රාජිත ගෙදර යවන විශ්වාසභංගයට මන්ත්‍රීවරු අත්සන් තබයි !

colombotoday

මහින්දට බැරිවුණ මෛත්‍රීපාලට හැකිවුණ වික්‍රමයක් ගැන මුතුහෙට්ටිගම කියයි

colombotoday

මුලතිව් විනිසුරුට සාධාරණය ඉල්ලා නීතීඥයෝ පාරට

Admin

චම්පිකගෙන් බුද්ධි අංශවලට චෝදනා

colombotoday

ඥානසාර හිමිට හෙටත් ඇප නොලැබෙන හැඩ

colombotoday

රනිල්ට යළි අගමැතිකම දෙන්නෑ… එජාපයේ වෙනත් අයෙකු ගැන සලකා බැලිය හැකියි – ජනපති ඉන්දියාවටත් කියයි

colombotoday