Colombo Today Local News

ඥානසාර හිමි නිදොස් කොට නිදහස් – “කසාද බැඳලා හනිමුන් එක ගෝල්ෆේස් ගන්න එපා” රජයට කියයි

තලාහේන “කල්වරි” නමැති ක්‍රිස්තියානි මුලධර්මවාදී යාඥා මධ්‍යස්ථානයට පහර දුන් බවට චෝදනා කරමින් ඥානසාර හිමි ඇතුළු තවත් වගත් වගඋත්තර කරුවන් කිහිප දෙනකුට විරුද්ධව ගොනු කර තිබූ නඩුවක් අද (30) දින කොළඹ මහාධිකරණයේදී කැඳවන ලදි. මීට ඉහතදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු සියලුම වගඋත්තරකරුවන් මෙම නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණය 2014 වසරේදී කටයුතු කරන ලදී. කෙසේ වෙතත් එම තීන්දුවට එරෙහිව නීතිපතිවරයා විසින් අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර පසුව නීතිපතිවරයා විසින්ම එය ඉල්ලා අස්කර ගැනීමට කටයුතු කරණ ලදි. ඒ අනුව අද දින කොළඹ මහාධිකරණයේදී ඥානසාර හිමි ඇතුළු සියලුම වගඋත්තර කරුවන් නිදොස් කොට නිදහස් කරණ ලදි.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳව විභාග කරණ පාර්ලිමේන්තු කාරක සභාවේදී බුද්ධි අංශ නිලධාරීන්ගේ නම් හෙළිවීම පිළිබඳව මාධ්‍යවේදීන් විසින් ඥානසාර හිමිගෙන් විමසා සිටින ලදි. එයට පිළිතුරු ලබාදුන් ඥානසාර හිමි සඳහන් කර සිටියේ “ඒක හරියට කසාද බැඳලා හනිමුන් එක ගෝල්ෆේස් එකේ ගන්නවා වගේ වැඩක්” යනුවෙනි.

Related posts

විභාග ප්‍රතිඵල ලේඛන සනාථ කිරීම අද සිට Online ක්‍රමයට

colombotoday

මගේ දරුවට ටියුෂන් වෙනුවෙන් මාසෙකට රු. 65000ක් වියදම් වෙනවා

colombotoday

පන්සල්වල තොරතුරු රැස්කරන බුද්ධි මෙහෙයුමක් පොලීසිය අරඹයි..? “කසාවතට, පන්සලට අතතියා වරද්දා නොගනු” – සිංහල රාවය

colombotoday

අගමැති රනිල් ඉදිරියේදී ඉවත්වේ.. ධුරය වෙනත් අයෙකුට පිරිනැමේ…

colombotoday

පාර්ලිමේන්තු සභාවාරය ආරම්භ වේ

Admin

“සඳුදා වෙනකං විදුලිය කපන්නෙ නෑ!” – මහජන උපයෝගීතා කොමිසම කියයි

colombotoday