Colombo Today Local News

“ඥානසාර හිමි නිදහස් කරන්න.” ආබාදිත රණවිරුවෝත් ඉල්ලති


පෙබරවාරි 4 නිදහස් දිනයේදී බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළුව සිරගත කර සිටින රණවිරුවන් නිදහස් කරන ලෙස ඉල්ලා සිටිමින්, ආබාදිත රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය අද (22) කොළඹ කොටුවේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා පාගමනකින් ගොස් සංදේශයක් බාර දෙන ලදි.

රටේ නීතිය ක්‍රියාත්මක කරන ආයතනයන්හී අපක්ෂපාතිත්වය පිළිබඳව සැක සංකා මතුව තිබූ මොහොතක, මරණ දඬුවමට ලක් කෙරූ සුනිල් රත්නායක රණවිරුවා ප්‍රමුක, සිරගතව සිටින බුද්ධි අංශ රණවිරුවන් සහ අනෙකුත් රණවිරුවන් ඇතුළුව, යුද්ධය පැවති සමයේ රණවිරුවන්ගේ මානසික ශක්තිය වර්ධනය කිරීම සඳහා කඳවුරුවල ධර්මදේශනා පවත්වමින් විශාල මෙහෙයක් සිදුකල, රණවිරුවන්ට එරෙහිව අවලාද නැගූ NGO නඩයන්ට එරෙහිව තම උපරිම ශක්ති ප්‍රමාණයෙන් සටන් කර නීතිය නාමයෙන් රණවිරුවන්ට එරෙහිව සිදුකරන කුමන්ත්‍රනයන්ට එරෙහිව සමස්ත රණවිරුවා වෙනුවෙන් අධිකරණයේ හඬ අවදිකළ වරදට සිරගත කර සිටින පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි, එලෙබෙන පෙබරවාරී 4 වන නිදහස් දින ජනාධිපති පොදු සමාව යටතේ නිදහස් කරන මෙන් ඉතා ගෞරවයෙන් ඔබතුමාගෙන් ඉල්ලා සිටිමු.

Related posts

බන්ධනාගාර රැඳවියන් බැලීමට අමුත්තන්ට අද සිට අවසර

colombotoday

ජනපති ස්කොට්ලන්තයට යයි

colombotoday

Video – හිරුණිකාව නීතියට උඩින් තබා ගැනීම යහපාලනය නම් වේ – ගම්මන්පිල

colombotoday

විධායක ජනාධිපතිධුරය අහෝසියට මහින්ද එකගයි…

colombotoday

අර්තාපල් ආනයන බද්ද වැඩි කෙරේ

colombotoday

“මම කිසි තැනක කියලා නෑ ආණ්ඩුවෙන් යනවා කියලා. මොකටද යන්නේ?” – රතන හිමි

colombotoday