බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් විනාශ කෙරෙමින් පවතින සෝමාවතී යාබද රක්ෂිතය තුල සිදුකරනලද සංචාරයක් අතරතුර “අල්ලාගෙ ලබ්බ” ලෙස පැවසීම හේතුවෙන් තමන්ගේ දෙවියන්ට අපහාසයක් සිදුවී ඇති බව පවසමින් පැමිණිලි රාශියක් මේවන විට පොලිස් සහන මැදිරියට ලැබී ඇතිබව පොලිස් මුලස්ථාන ආරංචිමාර්ග සදහන් කර සිටියි.