Colombo Today Local News

ඥාණසාර හිමියන් ගැන දෙමළ මාධ්‍යවල ව්‍යාජ පුවතක් !

බ‍ොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන් විසින් දෙමළ ජනතාව පිළිබදව වෛරී ප්‍රකාශයක් සිදු කළ බවට දෙමළ මාධ්‍ය වල ව්‍යාජ පුවතක් පළවෙමින් පවතින බව නිවේදනයක් නිකුත් කරමින් එම සංවිධානය පවසයි. ‍එම නිවේදනය පහතින්.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය ලබා නොදෙන්නේනම් ඔහු ජයග්‍රහණය කිරීමෙන් පසුව සියලුම ද්‍රවිඩ සහ මුස්ලිම් ජනතාව තමන්ගේ බඩු බාහිරාදිය රැගෙන මෙරටින් පිටව යා යුතු බවට ඔක්තෝම්බර් 30 වනදා පැවති මාධ්‍ය හමුවකදී බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි පැවසූ බවට අසත්‍ය ප්‍රකාශයක් සමාජ මාධ්‍ය තුල ද්‍රවිඩ භාෂාවෙන් හුවමාරු වෙමින් පවතී.

දෙමල ජනතාව සහ මුස්ලිම් ජනතාව භීතියට පත්කර ඉදිරි ජනාධිපතිවරණයේදී ඔවුන්ගේ ඡන්දය ලබාගැනීමට කිසියම් පාර්ශවයක් දරන්නා වූ මෙම නිහීන උත්සාහය බොදු බල සේනා සංවිධානය තරයේ ප්‍රතික්ෂේප කර සිටිමු. පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි එවැනි ප්‍රකාශයක් කිසිදු අවස්ථාවක සිදු කර නොමැති අතර මෙවර මැතිවරණය සඳහා ඉදිරිපත්වන කිසිදු අපේක්ෂකයෙකුට උන්වහන්සේ සහය පළකර ප්‍රකාශ නිකුත් කර නොමැති බවද අවධාරණය කර සිටිමු.

අනෙක් කරුණනම් පසුගිය ඔක්තෝම්බර් 30 වනදා බොදු බල සේනා සංවිධානය මාධ්‍ය හමුවක් පැවැත්වුවේ ද නැත.

ජනතාවගෙන් ප්‍රතික්ෂේප වූ දේශපාලන පක්ෂ සදාචාර සම්පන්න දේශපාලනයක් වෙනුවට සුළු ජාතිකයන් නොමග යවා මහ ජාතිය පිළිබඳව වෛරයක් ඇති කර ඔවුන්ගේ ඡන්ද ලබා ගැනීමට ගන්නා උත්සාහය නින්දිත ක්‍රියාවක් බව ඔවුන්ට මතක් කර දීමට කැමැත්තෙමු.

බොදු බල සේනා

Related posts

වැට් බදු සංශෝධන පනතට කැබිනට් අනුමැතිය

colombotoday

විරෝධාර රණවිරුවන්ට කෘතගුණ දැක්වීම සදහා මිහිදු සෙත් මැදුරට පිහිණුම් තටාකයක් ජනපති ලබාදෙයි

colombotoday

ටෙලිකෝම් තනතුරුවලට ජනපති – අගමැති පාර්ශව ප්‍රසිද්ධියේ ගැටෙති.

colombotoday

යුද්ධය පැවති සමයේ හමුදා බුද්ධි රහස්‌ හෙළි කිරීමේ සූදානමක්‌!

colombotoday

එන්නත් පොරය මැද ගුටි කෙලියක්

colombotoday

ජනපති මෛත්‍රීපාලටත් වඩා මුදල් ඇමති රවී ලොක්කෙක්! – ඕෂධී හේවාමද්දුම

colombotoday