Colombo Today Local News

ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන්න – ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරමින් පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස දන්වා ඇත.

එම මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන, අනෝජා කළුවාරච්චි මහත්මිය ප්‍රකාශ කළේ, වියළි කාලගුණ තත්ත්වය මාස දෙකකට අධික කාලයක් පවතින්නේ නම් ජලය මුර ක්‍රමයට ලබා දීමට සිදුවන බවය.

කෙසේ වුවත් මේ වනවිට පවතින ජල මට්ටම ප්‍රමාණවත් බව ද පැවසු ඇය හැකි සෑම විටම ජලය අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් යොදාගන්නා ලෙස ද ඉල්ලීමක් කළාය.

“අපේම ජල මුලාශ්‍රයක් වන කලටුවාව ජලාශ්‍රයේ ඉදිරි මාස දෙක සඳහා තව දින 65කට ජලය තියෙනවා සැපයුම කරන්න. ලබුගම ජලාශ්‍රයේ දින 105ක් සඳහා ජලය තියෙනවා. අපි හිතනවා වැසි ලැබෙයි කියලා. පාරිභෝගිකයින්ට ජල සැපයුම සීමා කිරීමක් කරලා නෑ. නමුත් ඇතැම් පාරිභෝගිකයින්ට ලැබෙන ජල ප්‍රමාණය අඩුවීමක් හෝ නොලැබීයෑමක් සිදුවුවහොත් පැය 24 පුරාම ක්‍රියාත්මක දුරකථන අංකය වන 1939 ට දැනුම්දීමක් කරන්න පුළුවන්. ඒ සඳහා විසඳුමක් ලබාදෙන්න අපි කටයුතු කරනවා. ඒ වගේම අත්‍යවශ්‍ය තැන්වලට බවුසර් මඟින් ජලය සපයා දිය හැකියි.”

Related posts

මාදම්පේ ජනතාවගේ දේව කන්නලව්ව

colombotoday

ආරක්ෂක අංශ සාමාජිකයන් නිල ඇඳුමෙන් දේශපාලන ප්‍රචාරක කටයුතු බෑ

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් ‘තාවකාලිකව’ ඉවත් කිරීමට අගමැති එකගයි.. කිළිකුණු හෝදා නැවත අධිපතිකමට ගතහැකියි !

colombotoday

ඉස්ලාම් බැතිමතුන්ගේ පරිභෝජනයට රටඉදි තොග ගණන් ගෙන්වා බෙදාහරින්නැයි අගමැති නියෝග කරයි

colombotoday

උත්සව සමයේ අඩු මිලට දෙන්න සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 3 ක් ආනයනයට පියවර

colombotoday

දුම්රිය කර්මාන්ත ශාලාවකට ආ හොරෙක් වෙඩි කයි

Admin