Colombo Today Local NewsCovid 19

චීනයට කොරෝනා ගෙනාවේ ඇමරිකානු හමුදාවෙන් – චීන රජයෙන් චෝදනාවක් !

කොවිඩ් 19 වෛරසය චීනයේ වූහාන් නරගයට රැගෙන ආවේ ඇමෙරිකානු  යුද හමුදාව විය හැකි බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක ලිජියන් ෂාඕ සිය ට්විටර් ගිණුමෙන් සඳහන් කරයි.

ඇමෙරිකාවේ CDC හි ප්‍රධානි රොබර්ට් රෙඩ්ෆීල්ඩ් සඳහන් කළ ප්‍රකාශ උපුටා දක්වමින් ලිජියන් මේ බව ප්‍රකාශ කරයි.

මෙහිදී රොබර්ට් පවසා ඇත්තේ ඉන්ෆ්ලුවෙන්සා නිසා සිදූවූ මරණවලින් ඇතැම් මරණ කොවිඩ් 19 ආසාදනය වීමෙන් සිදුව ඇති බවට සැකකරන බවයි.

එසේම ඉන්ෆලුවෙන්සා හේතුවෙන් යමෙකු ජීවිතක්ෂයට පත්වූ විට ඔහු මරණයට පත්වූයේ ඉන්ෆ්ලුවෙන්සා නිසාද එසේත් නොමැතිනම් කොවිඩ් 19 නිසාද යන්න තහවුරු කර ගැනීමට පශ්චාත් මරණ පරීක්ෂණ සිදුකර නොමැති බවත් ඔහු සඳහන් කළේය.

මේ පිළිබඳව අදහස් දක්වන ලිජියන් සඳහන් කරන්නේ ඇමෙරිකාව තුළ ඉල්ෆ්ලුවෙන්සා රෝගීන් මිලියන 34ක් හා මරණ 20000ක් පමණ වාර්තා වන බවත් ඒ අතරින් කුමන ප්‍රමාණයක් කොවිඩ් 19ට සම්බන්ධදැයි ඇමෙරිකාව ලෝකයට ප්‍රකාශ කළ යුතු බවත්ය.

මේ වන විට ඇමෙරිකාවේ රෝගීන් කොපමණ වාර්තා වන්නේද? රෝගීන් සිටින රෝහල්වල නම් මොනවාද? යන්න ඇමෙරිකාව විසින් ප්‍රකාශ කළ යුතු බවත් ඇමෙරිකාවේ දත්ත ලෝකයට ප්‍රකාශ කළ යුතු බවත් ඔහු සඳහන් කරයි.

Related posts

සහරාන්ගේ ගෝලයෙකු ජීවිතක්ෂයට

colombotoday

දුම්රියක් පීලි පනී – උඩරට මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

මහ රෑ වැදුණු මෝටර් රියේ රියදුරු බීමතින්! පිටුපස දේශපාලන ප්‍රබලයෙක්? කැබියෙන් හමුවුණු අවිය කාගේද?

colombotoday

බදුර්දීන්ගේ දූෂණ හෙළිකලැයි සතොස සභාපති තනතුරින් නෙරපයි !

colombotoday

දෙමළ සන්ධානයට කනේ පහරක්… හමුදා කදවුර ඉවත් කරනවාට එරෙහිව තිරුක්කෝවිල් වැසියෝ උද්ඝෝෂණයේ..

colombotoday

රත්ගම ප්‍රාදේශීය සභාවේ අය වැය සම්මතයි

colombotoday