Colombo Today Local News

ගෝඨාභයගෙන් සහතිකයක් !

සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සියලු කරුණු තම පාලන කාලය තුළදීම ඉටු කරන බවට සහතික වන බව ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, ඊයේ(05) කඩුගන්නාවේ පැවති  ජනරැලියක් අමතමින්ය.

සාර්ථක දැක්මක් වැඩකරන රටක් යන තේමාව යටතේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කර පවත්වන ජනරැලි මාලාවේ තවත් රැලියක් යටිනුවර ආසනය කේන්ද්‍ර කර ගනිමින් කඩුගන්නාව සුනිල් එස්.අබේසුන්දර ක්‍රීඩාංගනයේදී ඊයේ පැවැත්වුණි.

සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂිකාර්මාන්තය සහ වැවිලි කර්මාන්තය පිළිබඳව වැඩි අවදානයක් යොමු කර ඇති බව සිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කළේය.

විශාල විදේශ විනිමක් රටට ගෙන තේ, පොල්, රබර් යන වැවිලි බෝග සියල්ලම අද වන විට කඩා වැටී ඇති බව ඒ මහතා පැවසීය.

සිය ප්‍රතිපත්තිය යටතේ කෘෂිකර්මය ආරක්ෂා කරන වැඩපිළිවෙළක් යොදා ඇති බව ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටක් පැවසීය.

Related posts

අසාම් අමීන් BBC ආයතනයේ සේවයෙන් ඉවත් කෙරේ !

colombotoday

රට බෙදන ව්‍යවස්ථාවට එරෙහිව හිමිනමක් උපවාසයේ…

colombotoday

ජූනි වන විට පාසල් තුන්දහසක් ඩිජිටල් කරනවා – අමාත්‍ය සුසුල් ප්‍රේම ජයන්ත

Admin

කොටි බුද්ධි අංශ නමින් වව්නියාවේ පෝස්ටර් ඇලවෙයි (Photo)

colombotoday

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්තයෝ වයස් අවුරුදු 07 දරුවෙක් මිනිස් බෝම්බයක් කරයි (Video)

colombotoday

වැරදි කරන බස් රථ අල්ලන්න මගීන්ට අවස්ථාවක්

colombotoday