Colombo Today Local News

ගිනිගත් නැවේ හිමිකරුවන්ගෙන් ශ්‍රී ලංකාවට මූලික වන්දි ගෙවීමක්

ශ්‍රී ලංකාවට ආසන්නව ගිනිගැනීමට ලක්වූ “එම්ටී නිව් ඩයමන්ඩ්” නෞකාවේ ගිනි නිවීමට මැදිහත් වූ මෙරට ආයතන සඳහා මූලික වන්දි ගෙවීමක් ලෙස රුපියල් මිලියන 340ක් ලබාදීමට එම නෞකාව හිමි ග්‍රීක සමාගම එකඟ වී තිබේ.

නෞකාවේ හිමිකරුවන් ඒ බව නීතිපතිවරයා වෙත දැනුම් දුන් බව නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනි රජයේ අධිනීතිඥ නිශාරා ජයරත්න මෙනවිය සඳහන් කළාය.

නීතිපතිවරයා විසින් ගිනිගත් එම නෞකාවේ හිමිකරුවන්ගේ නීතිඥවරුන් වෙත නෞකාවේ ගින්න නිවීමට දැක්වු සහයට හා ඊට අදාළ කටයුතු සඳහා දැරූ වියදම හානි පූර්ණය කිරීම සඳහා හිමිකම් ඉල්ලීමක් පසුගිය 16 වන දා ලිඛිතව ඉදිරිපත් කර තිබුණි.

එම හිමිකම් ඉල්ලීම නෞකාවේ අයිතිකරුවන් වෙත ඉදිරිපත් කර ඇත්තේ, රුපියල් මිලියන 340ක් අය කර ගැනීම සඳහාය.

නාවික හමුදාව, ගුවන් හමුදාව, ශ්‍රී ලංකා වරාය අධිකාරිය, කොළඹ ඩොක්යාඩ් සමාගම, මීපා ආයතනය (සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය ) හා වෙරළ ආරක්ෂණ දෙපාර්තමේන්තුව යන සියලුම පාර්ශවයන් නෞකාවේ ගින්න නිවීම සඳහා දැරූ වියදම් එලෙස ගණනය කර ඇත.

මේ අතර එම නෞකාවේ ගින්න හේතුවෙන් සමුද්‍රීය පරිසරයට සිදුව ඇති හානිය පිළිබඳ වාර්තාව අද (24)දින නීතිපතිවරයාවෙත භාරදී තිබුණි.

සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධීකාරියේ සාමාන්‍යාධිකාරි ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා සඳහන් කළේ, අදාළ වාර්තාව මඟින් නෞකාවේ ගින්න නිසා සිදුව ඇති සමුද්‍රීය පරිසර දුෂණය පිළිබඳ මූලික නිර්දේශ ඉදිරිපත් කර ඇති බවය.

Related posts

අධිභාර පනත් කෙටුම්පතට එරෙහිව සජබ න් පෙත්සමක්

colombotoday

ආණ්ඩුව 18 මාසෙට බිලියන 7.7ක් ණය අරගෙන මහින්ද යහපාලන ආර්ථික අර්බුදය ලිහා පෙන්වයි

colombotoday

රනිල්ගේ ඉල්ලීමට විදෙස් තානාපතිවරු පාර්ලිමේන්තුවට

colombotoday

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday

“ආවා” නොනවතී.. යාපනේදී තවත් දෙදෙනෙක් කපා කොටා දමයි !

colombotoday

හඳුනා ගෙන ඇති රෝගීන් සංඛ්‍යාවට වඩා වැඩි ගණනක් සමාජයේ සිටිය හැකි

colombotoday