Colombo Today Local News

කෝටි 10ක ස්වර්ණාභරණ මංකොල්ල කෑ සිව්දෙනා අත්අඩංගුවේ

මඩකලපුව නගරයේ ප්‍රසිද්ධ ව්‍යාපාර ස්ථානයකින් කොල්ලකන ලද කෝටි 10කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් සමග සැකකරුවන් සිව්දෙනෙකු අත්අඩංගුවට ගැනීමට මඩකළපුව පොලිසිය සමත්ව ඇත.

මිට දින කිහිපයකට ඉහතදී මඩකලපුව නගරයේ පිහිටි ප්‍රසිද්ධ ස්වර්ණාභරණ ව්‍යපාරය ස්ථානයකට රාත්‍රී කාලයේදී ඇතුළුවූ නාඳුනන පුද්ගලයින් විසින් එහි තිබු රුපියල් කෝටි 10 කට අධික වටිනාකමකින් යුත් ස්වර්ණාභරණ තොගයක් මංකොල්ලකා පළා ගොස් ඇති බව පොලිසියට පැමිණිල්ලක් ලැබී ඇත.

මේ සම්බන්ධව ක්‍රියාත්මකවු මඩකලපුව මුලස්ථාන පොලිසිය සිය විමර්ශන කටයුතු අඛණ්ඩව පවත්වා ගෙන යන ලද අතර එම ආයතනයේ සේවය කල බදුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් දෙදෙනෙකු සමග මඩකලපුව ප්‍රදේශයේ එක් කාන්තාවක් හා පිරිමි පුද්ගලයකු ඇතුළු සිව්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලදි.

එලෙස අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් සන්තකයේ තිබී සොරා ගන්නා ලද ස්වර්ණාභරණ තොගය ද පොලිසිය විසින් සිය භාරයට ගැනීමට සමත්ව තිබේ.

අත්අඩංගුවට පත් සැකකරුවන් සිව්දෙනා මඩකලපුව මුලස්ථාන පොලිසියේ රදවා තබා ගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර විමර්ශන අවසන්වු වහාම මඩකලපුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිත බව මඩකලපුව මුලස්ථාන පොලිසිය සඳහන් කර සිටියි.

Related posts

පැය 24ක් තුළ දිවයින පුරා වැටලීම්වලින් සැකකරුවන් 1700ක් අත්අඩංගුවේ

colombotoday

ප්‍රවීණ ගායක ෂෙල්ටන් මුතුනමගේ අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ලන්ඩනයේ LTTE සැමරුම් උත්සව

colombotoday

පොලිස් ඇමැති ප්‍රසන්නගේ නිවාස වටලයි

colombotoday

රජයට අයවිය යුතු ගෝල්ඩන් කී මුදල් ICBT කැම්පස් එකේ ආයෝජනය කරලා

colombotoday

ජනපති අනුර වියට්නාමයට!

Admin