Colombo Today Local News

කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කරනවා

කොවිඞ් අවදානමක් නොපවතින ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීමේදී ආර්ථික මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවශ්‍යතාවයක් පවතින බවද බැසිල් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

අවධානම් තත්ත්වය පහවගිය හා වෛද්‍ය පරීක්ෂණ මගින් අවධානමක් නොමැති බව තහවුරු වූ ආර්ථීක මධ්‍යස්ථාන විවෘත කිරීමේ ක්‍රමවේදයක් හඳුන්වා දී ඇතැයි ද රාජපක්‍ෂ මහතා කීවේය.

එමෙන්ම ඇඳිරිනීතිය ක්‍රියාත්මක කාලයේදී වෙළෙඳසැල් විවෘත කිරීමේ බලාපොරොත්තුවක් නැතැයි කී රාජපක්‍ෂ මහතා සමූපකාරවලින් ජනතාවට අවශ්‍ය ද්‍රව්‍ය නිවසටම ගෙනගොස්දීමට පියවර ගන්නා බව ද ප්‍රකාශ කළේය.

මේ අතර ජනතාවට අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා පිටකොටුව ප්‍රදේශයේ තොග කඩ ද හෙට (03)දින සිට විවෘත කිරීමට පියවර ගෙන ඇත.

Related posts

මහ බැංකු අධිපති නිකුත් කල අපනයන ඉපැයීම් ගැන ගැසට් නිවේදනය

colombotoday

පොලිස්පතිට එරෙහි වාරණ නියෝගය නීතියෙන් වලංගු නොවන බව අගමැති කියයි

Admin

බංගලි අරගලකරුවෝ හතුරුසිංහ එළවා දමයි

Admin

“කෘෂිකර්මාන්තය, රාජ්‍ය අංශය රටට බරක්.. බදු පොලී වැඩිකර වියදම් පාලනය කළ යුතුයි” – නව මහබැංකු අධිපති

colombotoday

තිත් මුවා මැරූ දඩයක්කරුගේ දඩුවම

colombotoday

ජාතික විධායක සභාව – දූෂණ විරෝධී කමිටුව ව්‍යවස්ථාවට පටහැනියි – FCIDයත් නීති විරෝධියි

colombotoday