Colombo Today Local News

කොන්ක්‍රීට් තට්ටුවක් ඇඟට වැටී දෙදරු පියෙක් මරුට

මහරගම, අඹගහපුර, සමාධි මාවත ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට ඉදිකර තිබූ කොන්ක්‍රීට් තට්ටුවක් සහ කණුවක් ඉවත් කිරීමට ගිය පුද්ගලයෙක් ඊට යටවී ජීවිතක්ෂයට පත්ව තිබේ.

එසේ මිය ගොස් ඇත්තේ, නක්කාවිට, දැරණියගල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි දෙදරු පියෙකි.

පිළියන්ද පෞද්ගලික ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත් ආයතනයක සේවය කළ එම පුද්ගලයා අනතුර සිදුවු නිවසේ සේවය සඳහා ඊයේ (12)දින උදෑසන 7.30ට පමණ ගොස් තිබේ.

එහිදී කොන්ත්‍රාත් සමාගමේ අයිතිකරු විසින් කොන්ක්‍රීට් තට්ටුව හා කොන්ක්‍රීට් කණුව කඩා ඉවත් කිරීමට උපදෙස් දී ඇත.

ඒ අනුව කොන්ක්‍රීට් කපන යන්ත්‍රියකින් කොන්‍ක්‍රීට් තට්ටුව මැදින් කපා පෙරළීමට සුදානම් ව සිටි අවස්ථාවේ දී කොන්ක්‍රීට් තට්ටුව එකවරම ඔහුගේ ඇඟ මතට කඩා වැටී තිබේ.

කොන්ක්‍රීට් තට්ටුව අතර සිර වී සිටි පුද්ගලයා බේරා ගැනීමට කොන්ත්‍රාත් සමාගමේ අයිතිකරු හා නිවෙස් හිමියා බැකෝ යන්ත්‍රයක් කැඳවා උත්සහ කළ ද එය අසාර්ථක වී ඇත.

පසුව අදාළ ස්ථානයට පැමිණි මහරගම කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ඩග්ලස් රූපසිරි මහතා සහ මහරගම පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් හදිසි මරණ පරීක්ෂණය පවත්වා මළ සිරුර කළුබෝවිල රෝහලට ගෙන ගොස් තිබේ.

සිද්ධිය වු ස්ථානයේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ පරීක්ෂණයක් පැවැත්වීමට නියමිත බව පොලීසිය පවසයි.

Related posts

ආනවිළුන්දාව රැම්සා තෙත් බිම, කුරුළු අභය භූමිය ඩෝසර් කර ඉස්සන් ටැංකි හදලා.

colombotoday

බේරුවලින් රාජිතට හොම්බන් යන්න වදී.. ජාතිවාදය අවුලවා ගොඩ යන්න බැරිවෙයි..

colombotoday

එජාප පළාත් පාලන සභිකයින් 59කගේ සභික ධුරය අහෝසි

colombotoday

ආගමික සංහිදියාවට බාධා කරන කණ්ඩායම් ගැන සොයා බැලීමට විශේෂ පොලිස් ඒකකයක්

Admin

අවම බස් ගාස්තුව 32ක් වෙද්දී උපරිමය 4000 පනී

colombotoday

කොවිඩ් මරණ 2009 දක්වා ඉහළට… ගතවූ පැය 24ට 132ක් මියගිහින් !

colombotoday