Colombo Today Local News

කොටි සැකකරුවන් තවදුරටත් රදවා තබා ගැනීම ඵලක් නෑ… හමුදා සාමාජිකයන් සමග ඔවුන්ටත් පොදු සමාවක් දිය යුතුයි – ජාතික හෙළ උරුමය

සිරගත කොට සිටින ශ්‍රී ලංකා රජයේ සන්නද්ධ සේනා සාමාජිකයන්ට මෙන්ම එල්ටීටීඊ සැක කරුවන්ටද සමාවක් දී නිදහස් කර යැවීයුතු යැයි ජාතික හෙළ උරුමය පවසයි.

අපරාධ වලට සම්බන්ධ වූ දහස් ගණනක් නිදැල්ලේ සිටින බවත්, දැනට අත්අඩංගුවේ සිටින හැට ගණනක් වූ එල්.ටී.ටී.ඊ සාමාජිකයන්ද නිදහස් කර යැවිය යුතු බවත් හෙළ උරුම නායක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා කියා සිටියේ ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය.

බන්ධනාගාරගත කොට සිටින ආරක්ෂක අංශ වලත්, එල්ටීටීඊයේත්, රජයට සහාය දුන් අතුරු හමුදා කල්ලි වලත් සැමට ජාතික සමාවක් දී නිදහස් කිරීමෙන් අනතුරුව ඒ සඳහා සර්වපාක්ෂික අනුමැතියක් ලබා යුද්ධයේ සිදුවූ අපරාධ සම්බන්ධයෙන් කතා කිරීමෙන් වැළකී සිටිය යුතු බව අමාත්‍ය චම්පික රණවක අවධාරණය කළේය.

“ආයේ කිසිම සිංහල සංවිධානයක්, දෙමළ සංවිධානයක්, මුස්ලිම් සංවිධානයක් යුද්ධ කාලේ සිදුවුනයි කියන සිදුවීම් ගැන කතා නොකර අපි ඒවා සම්පුර්ණයෙන් අමතක කරලා දාල අනාගතය නිර්මාණය කරගන්න ඕනේ,” යි ඔහු කියා සිටියේය.

Related posts

අවම බස් ගාස්තුව රුපියල් 17යි

colombotoday

“මගේ කාලයේ අපරාධකාරයෙකුට වත් තුවක්කු පත්තු වුණේ නැහැ”

colombotoday

සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් ගැන විශ්වාසය තැබූ ඡන්ද දායකයින්ට ජනපතිගෙන් තුති

colombotoday

සිනහව නවතා සුනිල්… ජීවිත රඟ මඩලෙන් සමු ගනී

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙක් සිය ගිනි අවියෙන් දිවිනසාගනී

colombotoday

ශානිට අලුත් පට්ටමක්

Admin