Colombo Today Local News

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වැසෙයි

කුරුණෑගල ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය අද (09) සවස සිට තාවකාලිකව සම්පුර්ණයෙන්ම වසා දැමීමට රෝහල් බලධාරීන් පියවර ගෙන තිබේ.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා සදහන් කළේ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා රෝහලට පැමිණි රෝගියකුගෙන් කොරෝනා වෛරස් ආසාදන තත්ත්වයක් පෙන්නුම් කිරීම නිසා එම ඒකකය තාවකාලිකව වසා දැමූ බවයි.

අද දහවල් හෘදයාබාධයක් බව පවසමින් කුරුණෑගල ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළු වූ රෝගියෙකු පරීක්ෂා කිරීමේදී දැඩි උණ රෝගයෙන් පෙළෙන බව අනාවරණය වී ඇත.

අනතුරුව ඔහු ප්‍රතිකාර සඳහා රෝගීන් ඇතුළත් කරගන්නා හදිසි ප්‍රතිකාර ඒකකයේ බොහෝ වේලාවක් ගතකර තිබේ.

සැකසහිත තත්ත්වය හමුවේ ඔහු කොරෝනා රෝගියෙකුදැයි හඳුනා ගැනීම සඳහා රෝහලේ කොරෝනා රෝග ප්‍රතිකාර ඒකකයට ඇතළත් කර තිබේ.

ඔහුගේ රුධිර පරීක්ෂණ වාර්තාව ලැබෙන තුරු සැකසහිත බැවින් ඔහුට ප්‍රතිකාර කරනු ලැබූ හදිසි අනතුරු ප්‍රතිකාර ඒකකය තාවකාලිකව වසා දැමීමට පියවර ගෙන ඇත.

Related posts

රණවිරු ගායෙන් අපේ කොල්ලෝ ප්‍රභාකරන්ගේ ගාය නිට්ටාවටම සුව කළා, – මේජර් ජෙනරල් කමල් ගුණරත්න

colombotoday

“සත්තුත් කරනවනම් අපට බැරි ඇයි.. සමලිංගික අයිතිය අපටත් ඕන“ – මහාචාර්ය දීපිකා

colombotoday

කොටි සැකකරුවන් නිදහස් කරගැනීම ගැන TNA ජනපති සමග සාකච්ඡා…

colombotoday

මහල් හයක ගොඩනැගිල්ලක ගින්නකට හසු වී 43 දෙනෙකු ජීවිතක්ෂයට

Admin

අබලන්වූ මාර්ගයට අවධානය යොමු කරවන්න, ජනපති යන පාරේ කෙසෙල් පැළ සිටවූ තරුණයා රිමාන්ඩ්

colombotoday

ප්‍රභූන් පිරිසක් කොරෝනා චීන එන්නතක් විද ගනී.

colombotoday